(නිමන්ති රණසිංහ)
මව්වරු වඳ භාවයට ලක් කිරීමේ සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහාබ්දීන් මහතා රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (25) නියෝග කළේය.
මෙම සැකකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය ප්‍රකාරව බරපතල තුවාල කිරීමේ සිද්ධියට අදාළව වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් ඇප ලබාදිය හැකි වරදක් බවට නීතිපතිවරයා සහ පැමිණිල්ලේ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම ඇප ලබා දෙනු ලැබීය.
එමෙන්ම සෑම ඉරුදිනකම පෙරවරු 9.00 ත් 12.00 ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)



COMMENTS
ලංකා මාතාවට ජය වේවා........
සත්‍ය කවදත් ජය ගනී
මිනිසෙකුට වද දීමේත් සීමාවක් තිබෙනවා. දොස්තර සාෆි ඔබ නිවැරදි නම් ඔබට ජය
මව්වරු 650 දෙනාගෙන් 147ක් පමණයිලු. අනෙත් මව්වරු මීළඟ දරුවා ලැබීමට කාලයක් තිබෙනවාලු. ලජ්ජයි
ලංකාවේ ඉන්න අනෙත් දොස්තර වරු සල්ලි අරගෙන කරන වැඩ වලට වඩා දොස්තර සාෆි කරලාද?
මාස්ටර් ප්ලෑන්
වද භාවයට පත් කලා කියන්නෙ තුවාල සිදු කලා කියන එකද? අනේ අපේ අධිකරණයට ගිය කලක්...
කවුද? නිදහස් කරේ
ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බරයි
මේ වෛද්‍යවරයාට එරෙහිව සාක්ෂි කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වුනා. පෙනෙනා ආකාරයට මේ වෛද්‍යවරයාට ලොකු අසාධාරණයක් වී ඇත්තේ.
ශ්‍රී ලංකා රටේ නීතිය. ඉතා හොඳයි
බඩුයි නඩුයි දෙකම හාමුගේ.
රට තිස් අවුරුදු යුද්ධයෙන් බේරගත්ත රණවිරුවෙක් වන, ශ්‍රී ලංකා බුද්ධි නිලධාරී "ශම්මි කුමාරරත්න" නොදුටු අපරාධයක් වෙනුවෙන් දවස් 482 රිමාන්ඩ් භාරයේ හිටියා.
ලංකාවේ විශේෂයෙන් සිංහල මිනිස්සු සල්ලි වලට තමන්ගේ ඕනෑම දෙයක් පාවලා දෙයි
අම්මලා ටික හිරේ යයි .
ජනතාව දැන්වත් එකතු විය යුතුය.
අපේ රටේ බොහෝ දෙනෙක් තමන් වැරදිකාරයා කියලා තීරණය කල කෙනාට දඬුවම් නැත්නම් ඒකට අකමැතියි. තමන් නිවැරදිකාරයා කියලා හිතන් උන්න අයට දඬුවම් දුන්නමත් ඒකට අකමැතියි.
අවසානයේ සහරාන්ලා, සාෆිල, රිශාඩ්ලා, සාලිලා, මුජිබර්, රහුමාන්ලා නිවැරදි කරුවන්ය. අම්මලා, බෝම්බයෙන් මියගිය අහිංසක මිනිසුන් වැරදි කරුවන්ය. යහපාලනය කියන්නේ ඔන්න ඕකටයි...
අවසානෙට අර අම්මලාට නඩුවකුත් දමාවි අපේ උන්දලා
නඩු තීන්දුව දෙන්නත් කලින් කොහොමද කැරලි මර්ධන පොලිසිය ඒක දන්නේ... ? හතර හිනා...
මේ නඩු තීන්දුව නිවැරැදි බවට මෙතන සපථ කරන සද්ගුණවත් මහත්වරු කියන්න බලන්න ඔය උසාවියෙන් වැරැදිකරු කරලා ලංකාවේ හිරේ ගිය දේශපාලකයෝ තිදෙනෙක්ගේ නම්...
උපවාස කරන්න ඉන්න කට්ටිය මේ කොනට එන්න...
කැරලි මර්දන කණ්ඩායම් ගෙන්නලා තිබුනේ ඇප ලැබෙන බව දැන සිටි නිසා... මේ නඩුව වුණත් අවසානයේදී දියවෙලා යයි. අපේ ප්‍රදේශයේ මුස්ලිම් වෛද්‍යවරයෙක් අවුරුදු 50කට ආසන්න කාලයක් ප්‍රතිකාර කරනවා. ඔහු පිට කෙනෙක්. දැන් මෙහෙ දේපල එහෙමත් තියෙනවා. ඔහුට කිසිකෙනෙක් ගරහන්නේ නෑ. දැන් ගමේම කෙනෙක් වගේ... ශාපිට මෙහෙම චෝදනාවක් නිකම්ම එන්න බැහැ.
මංගලිකා මොකද මෙයා ගැන විශේෂ කැක්කුමක්? මේකා සිංහල ජාතියටම වද දීලා තිබෙනවා. සිංහල අම්මලා හිතාගෙන සිටියේ තමන්ට පමණයි දරුවෝ නොලැබෙන්නේ කියලා සිද්ධිය එළියට අාවමයි දන්නේ මව්වරුන් දහස් ඉන්නවා කියලා.
තීන්දුව කලින් දන්නා නිසානේ මෙහෙම ලොකුවට ආරක්ෂාව දැම්මේ. මෝඩ සිංහලුන්...
ලැජ්ජාව කියලා දෙයක් තිබෙනවාද බොල?
තව ටික දවසකින් කියයි ඒ අම්මලාම තමන්ගේ පැලෝපිය නාලේ තමන්ම හානි කර ගත්තයි කියලා කියනවා කියලා...
බමුණුආරච්චි , මගේ මිත්‍රය ඔබ මුස්ලිම් හැම කෙනා ගැනම බලන්නේ එකම කෝණයකින් , මීට වඩා පුළුල් මනසකින් සමාජය දිහා බැලුවොත් සුදුසුයි. වැරදි කරන මිනිස්සු හැම ආගමක සිටිනවා. නමුත් ඒ මිනිසුන් නිසා ආගමක් හෝ ජාතියක් පිට වැරදි පැටවීම සාදාරන නැහැ. අනිත් ආගම් පිලිබඳ මනා අවබෝදයක් ඇතිකරගන්න. එහෙම නැතුව අන්තර් ජාලයේ සහ සමාජ මාද්‍ය වල තිබෙන කොටස් පස්සේ යන්න එපා. ඒවා වල බොහෝ විට මතුකරන්නේ සමාජයක් උසි ගන්වන දේවල්.