(ඩයනා උදයංගනී)
දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී ‘කාන්තා කේවළ ඔරු පැදීමේ’ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවිය සමත් වූවාය.
ඇය ආබාධිත තත්ත්වයට පත්වූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මීට වසර 11කට පෙර පැවැති ප්‍රදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරක් හේතුවෙනි.
වෛද්‍ය ශිෂ්‍යාවකව සිටියදී මෙම අනතුරට ලක්වීමෙන් පසු ඇයගේ ශරීරයේ ඉණෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික වුවද ඇය දෛවයට අභියෝග කරමින් විශේෂ රෝද පුටුවක සහය ඇතිව සිය වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළාය.
ඇය ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත්තේ ශ්‍රී ලංකාවට අභිමානයක් ද ගෙනඑමිනි.
වෛද්‍ය ශිෂ්‍යාවකව සිටියදී අනපේක්ෂිත ලෙස මුහුණ පෑ අනතුරින් පසු බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පාලනාධිකාරයට එරෙහිව නඩු පැවරූ සමිතා එම නඩුවෙන් ජයගත් අතර ඇය වෙනුවෙන් කෝටි 18 ක විශාල වන්දියක් ගෙවිමට එම පාලනාධිකාරියට සිදුවිය.
මේ අතර පැරා ඔරු පැදීමේ තරගාවලියේදී පිරිමි ඔරු පැදීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදීමට එම්. පී. ජයකොඩි මහතා සමත්ව තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෛද්‍ය සමිතා සමන්මලීට ආසියානු පැරා ලෝකඩ පදක්කමක්
Karl Tuesday, 29 October 2019 05:19 PM
නියමයි! සුබ පැතුම්
විජිත් Tuesday, 29 October 2019 06:03 PM
සුබ පැතුම් !!!
Raveendra Tuesday, 29 October 2019 08:01 PM
පුතේ නුඹට අපගේ උණුසුම් සුබපැතුම් !!!
mahida Wednesday, 30 October 2019 01:14 AM
අනේ කකුල් දෙක තිබුණා නම් කොච්චර දෙයක් කරයිද?
sharm warn Wednesday, 30 October 2019 03:56 AM
ඔබේ නිහඩ ආදර්ශයට අපේ උණුසුම් සුභ පැතුම් සොයුරිය ...
upul galappaththi Wednesday, 30 October 2019 04:01 AM
සමිතා ඔබට අපේ සුභ පැතුම් !!!
යාපා Wednesday, 30 October 2019 05:08 AM
ඇත්තටම ආඩම්බරයි ඔබ ගැන. හදවතින්ම සුබ පතනවා..!
Srikantha Wednesday, 30 October 2019 08:41 AM
නියමයි... ඇත්තෙන්ම ඔබ ගැන ආඩම්බරයි. මගෙන් සුබපැතුම් !!!!