(රේඛා තරංගනී ෆොන්සේකා)
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් කොවිඩ් අසාදනය වී ඇතැ බවට තහවුරු වි ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
ඇස්ට්‍රාසෙනිකා ප්‍රතිශක්තිකරණ එන්නතත සහ දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන ඇතත් මේ වන විට තමාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඒ මහතා තහවුරු කළේය.
ශරීරය ඇතිවූ වේදනාකාරී තත්ත්වය සහ උගුරේ ඇති වූ අපහසු අපහසුතාවයක් නිසා ඇති වූ සැකය මත වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට තමා යොමු වූ බව සඳහන් කරන ඒ මහතා එහිදී තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව පැවසීය.
තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග අදාල වෛද්‍යවරුන්ගේ උපදෙස්වලට අනුව දින 10ක කාලයක් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් නිරෝධානයට යොමු වු බව ඒ මහතා කියා සිටියේය.
COMMENTS
කොරෝනා රෝගයෙන් ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂාකර ගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දැරූ, ශ්‍රී ලාංකික ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍රවුණ, දේශපාලුවන්ගේ මෝඩ අදහස්වලට ගරු නොකළ, හොඳ කොඳු නාරටියක් ඇති දක්ෂ වෛද්‍යවරයෙක් වන මෙතුමාට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ඉක්මන් සුවය ලැබේවා!
එතුමාට ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි!