ඩී.ජී.සුගතපාල
කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකුට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේ නම් හෙට (7) උදෑසන 8.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ කරාපිටිය ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල සොයිසා මහතා පැවසීය.
රෝහලේ රථ ගාලේ වෛද්‍යවරුන්ගේ වාහන නතර කිරිම සම්බන්ධයෙන් පවතින ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවත් තුවාල ලැබු වෛද්‍යවරයා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් ඔහුගේ අස්ථි බිඳී ඇති බවත් කීවේය.
මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවත් පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇති නමුත් මේ වනතුරු කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඒ මහතා පැවසීය.
මෙම විශෙෂඥ වෛද්‍යවරයා මෙයට පෙර ද පහරදී ඇති බවත් ඒ නිසා ඔහු වෙනත් ස්ථානයකට මාරු කරන ලෙසත් රථගාලට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා සිටින බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනේ පාර්ක් කරගන්න බැරිවුනත් ලෙඩුන් පලිද. පාපැදි දුන්නා නම් හරි............
ලජ්ජා නැද්ද? ඔය ගොල්ල දොස්තරලාද නැත්නම් කොන්දොස්තරලාද?
රටේ උගත් පරපුර විනය අතින් පිරිහීම, රටේ අනාගත යට ලොකු පිළිලයක්, රුපියල් පස්සසේ දුවන දොස්තරලාට ලෙඩා උන්නත් එකයි , මලත් එකයි . අපොයි ලංකාව.
මුන් ගහගත්තාම ඒකට සාමාන්‍ය මිනිස්සුන්ගෙන් පළි ගන්න හදනවා.
ඔය ගහපු කෙනා මට පේන්නේ මානසික රෝගියෙක් . ඉක්මනට මානසික වාට්ටුවට දාන්න
මමත් මගේ දොස්තර යාලුවෙකුත් එයාගේ තාත්තට හදවත් සැත්කමක් කරන වෙලාවක වාහනෙන් ගියා ඔතනට. එතන පස්සෙන් ආපු ලොකු දොස්තර කෙනෙක් හොර්න් එක ගැහුවා කියලා ආරක්ෂක අංශයෙන් හිටපු කාන්තාව අපිට බැන්නා හරියට නිකන් මහා මෝඩ තාලෙට. මේ අයට ගුණවත්කම් නැති වීම හරි පුදුමයි. විපරිත ලෝකයක්!
දොස්තරලාගේ ප්‍රශ්න වලට මහජනතාව පලි නැහැනේ. සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් කල යුතුයි ....
උගත් පාතාලය මෙයාලත් ගැලපෙන්නෙ පාර්ලිමේන්තුවට
අන්තිමේටම පව් ගෙවන්න වෙන්නේ දුප්පත් ජනතාවට.
දොස්තරලා ගහගත්තම ඒකටත් පලි ලෙඩ්ඩු ද?
මේගොල්ලොන්ට තීරුබදු රහිත වාහන නොදී හිටියනම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ
ගුටි කෑ කෙනා පොලිසියට පැමිණිලි කලේ නැද්ද? ඔයගොල්ලන්ගේ ගුටිකෙලියෙන් ඉතාම දුප්පත් රෝගීන් තමා දුක් විදින්නේ. සල්ලි තිබෙන අයට අමාරුවක් නැහැ.
මට නිකමට හිතෙනවා මේ වගේ ජඩ මානසිකත්වයක් තියෙන දොස්තරලගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩු කොහොමටත් අමාරුවේ කියලා. පහත් මානසිකත්වයක් ඇති, උද්දච්ච, ඔලුව උදුම්මාගත් අයෙක් දොස්තර කියා රජ වුණත් වැඩක් තියෙනවද?
මහජන මුදලින් ඉගෙන්නුවේ මේ වගේ අයටනේ.........
"අස්ථි බිඳීමකට කියන ශුද්ධ සිංහල වචනේ අට කැඩීම - ඒ කියන්නේ මේ දොස්තරට ඇට කැඩෙන්න ගහල මරු ! ගහල තියෙන්නෙත් දොස්තරයෙක්මයි හැබැයි වෙන එකෙක් ගැහුවනම් අර සංගමය කෑගහයි කෝ දැන් කට්ටිය ? රටේම විනයක් නීතියක් නැහැ නොව !