(ඩයනා උදයංගනී)

සියලුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස සීමාව අවුරුදු 61 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ‍ර‍ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙතෙක් රජයේ වෛද්‍යවරු විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ලෙස පැවතිණි.