ලබන සඳුදා (10 වැනිදා) ආරම්භ වන සතිය විරෝධතා සතියක් යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද විසඳුම් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම විරෝධතා සතිය ක්‍රියාවට නංවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයකු වන වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියයි.
මෙම ගැටළු සම්බන්ධයෙන් ලබන සතියේදී විසඳුමක් නොලැබුණහොත් වැඩ වර්ජනයක් දක්වා එය දුරදිග යන බවත් වෛද්‍ය කොළඹගේ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
ආයෙත් පටන් ගත්තද රුදාව ? ඔය වැඩෙන් අපකීර්තියට පත්වෙන්නේ ඔයගොල්ලෝ දිනවන්න හදන කට්ටියමයි. ලංකාවේ මිනිස්සු මෝඩයෝ නෙවෙයි. කවුරුත් දන්නවා ඔය වැඩවර්ජන කරන්නේ මොනවටද කියල.
ත්‍රස්තවාදීන්ගෙයි මොවුන්ගෙයි අතරේ වැඩි වෙනසක් නෑ. මිනිස්සුන්ගේ ජීවිතත් එක්කයි මොවුන් සෙල්ලම් කරන්න හදන්නේ. මොවුන් හදලා ගන්නනම් විදේශගත වීම තහනම් කරලා හමුදාවේ නීතිවලට සමාන නීති දාන්න වෙනවා.
අර කුරුණෑගල දොස්තර සම්බන්දවත් ඔය වර්ජනයේ කොටසක් වෙන්කරලා තියනවාද?
බොහෝවිට GMO ඉල්ලීම් අතිශය පෞද්ගලිකයි. අර සාෆි කියන සාපය ගැන වගක් නෑ
ලෝකයේ ඉන්න අනෙක් වෛද්‍යවරුන්ට වඩා ඔයාලා ඔක්කොම වෙනස්...
මෙන්න නියම ත්‍රස්තවාදය. රෝගීන් කීයකට මරණය කැඳවයිද? මේකට උපවාස කරනවා නම් ගොඩක් වටිනවා හාමුදුරුවනි...
මේ අය රට විනාස කරනවා, අහිංසක මිනිස්සුත් මරනවා.
පව් මේ අසරණයෝ, බලන් යනකොට ලංකාවේ වැඩියෙන්ම ප්‍රශ්ණ තියෙන්නේ මේගොල්ලංටනේ!
රටක් හැටියට ඉදිරියට යන්නේ කොහොමද? මේවා මෙහෙම වෙනකොට ....... අපේ බදු සල්ලි වලින් ඉගෙනගෙන අපි වගේ දුප්පත් මිනිස්සුයි තවත් අසරණ වෙන්නේ..... වෙන විකල්ප ඇත්තෙම නැද්ද දෙයියනේ....
පත්වන ඕනෑම රජයක් බලය ගත් පසු මහජන මතයට , අවශ්‍යතාවයට කන් දෙන අකාරය පිළිබදව අපි හැමෝටම ඇත දැකීම තියෙනවානේ..බිරි අලින්ට විණා වාදනය කරනවා වගේනේ...කොච්චර සකාච්ඡා මට්ටමින් ගියත් අසර්ථකයිනේ...වර්ජනයෙන් සේවක අයිතීන් ලබා ගැනීමේ ක්‍රමය හදුන්වා දී ඇත්තේ අපි බලයට පත් කරන රජයවල්...මෙතනදීත් යම් වෘත්තීය සංගමයක් වර්ජනයකට යනවානම් ඔවුන්ටම දොස් නොතබා ඒ ගැන රජයට දොස් කිව යුතුයි ඒ තැනට ඔවුන්ව පත් කිරීම ගැන..
මට හිතෙන්නේ සාමාන්‍ය වෛද්‍යවරුන්ට මේ විකාර සංගමයෙන් එලියට එන්න කාලය හරි. මේකේ ඉන්න නායකයෝ කීප දෙනෙක් මානසික ලෙඩ්ඩු. ජනතාව ගැන හිතන නව නායකත්වයක් එක්ක අලුත් සංගමයක් පිහිටුවන්න.
දේශපාලකයන් ටික තමන්ගේ විශ්‍රාම වැටුප රු15000 කින් වැඩි කරගත්තා.. මෙතන කට්ටිය නැහැ.. හැබැයි අපේ මහජනතාවගේ කොටසක් රුපියල් 2000 ක් වැඩි කරගන්න හැදුවොත් තමා ඔක්කොම මතක් වෙන්නේ...මේක කුහකකමද?
මේ ගොල්ලන් දන්නේ ඔය ටික විතරමයි. එ්ත් අර පුද්ගලික රෝහල්වලට යන එක හවසට ගෙදර තියෙන ක්ලිනික් එකට යනඑක... එහෙම මොන දේ ආවත් නතර කරන්නේ නැහැ.
මරාගෙන මැරීමද ත්රස්තවාදයක්. එතකොට නොමරා මැරීම?