
(නිමල කොඩිතුවක්කු)
දුම්රිය ස්ථානාධිපතිවරයෙකු කොරෝනා ආසාධිත බවට තහවුරු වීමත් සමග වාද්දුව දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩලය තාවකාලිකව එම දුම්රිය ස්ථානයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සංගමය ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ලංකාදීපයට පැවැසීය.
මේ හේතුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම් හා දුම්රිය නිවේදන කටයුතු සිදු නොවන නමුත් වාද්දුව දුම්රිය ස්ථානය භාවිතා කරමින් දුම්රිය මගීන්ට ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.
වාද්දුව දුම්රිය ස්ථානය විෂබීජ හරණය කර මහජනතාව සඳහා විවෘත කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS