බිඟුන් මේනක ගමගේ
තේවතු කම්කරු වැටුප් සම්බන්ධයෙන් වෘත්තීය සමිති පියවරයන් ගැන වතු කම්කරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අතරතුර ඇතිවීයැයි කියන ගැටුමකින් පසු පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
අවිස්සාවේල්ල සාලාව වත්තේ දී දැනුම්වත් කිරීම සිදු කරනා අතරතුර දී වතු අධිකාරීවරයා තම සාමාජිකයන්ට පහර දුන් බවට ‘1000 ව්‍යාපාරය‘ නමැති සංවිධානය කොස්ගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මේ අතර සාලාව වතු අධිකාරිවරයා ද තමාට වෘත්තීය සමිති ක්‍රියාකාරින් පිරිසක් පහර දුන් බවට පැමිණිල්ලක් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොස්ගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අනවසර ඇතුළුවීමේ චෝදනාව යටතේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු හතර දෙනෙකු ද, පහරදීම සම්බන්ධයෙන් වතු අධිකාරීවරයා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූජ්‍ය පක්ෂය වෘත්තීය සමිති ක්‍රියාකාරියෙක්...? මොන වෘත්තියද කරන්නේ? නිකන් ප්‍රසිද්ධ වෙන්න හදන කෙනෙක්...