
( රංජිත් රාජපක්ෂ)
මහාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරිමට ගිය නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඇතුළු නිලධාරින්ට එම නියෝගය ක්‍රියාත්මක කිරිමට ඉඩ නොදි වතු කම්කරුවන් කලහකාරි ලෙස අද (23) හැසිරිම නිසා එම නිලධාරින්ට යළි හැරී යන්නට සිදුවු බව පොලීසිය කියයි.
මහා අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරිමට එම වතු යායට නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා සහ නිලධාරින් පිරිසක් පැමිණෙන බවට වතු කම්කරුවන් දැන ගැනීමෙන් පසුව වතු කම්කරුවෝ නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගය නාවලපිටිය බොහිල් වතු යාය අසලින් හරස් කර උද්ඝෝෂණයක නිරත වූහ.
එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (23) ද ඇනහිටිණ.
උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් ඉවත් කිරිමට නාවලපිටිය පොලිසියේ නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දැරීය.
පසුව නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කරන බව රෙජිස්ටාර්වරයා පොලිසියට දැනුම්දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සතුටුවිය හැකි අවස්ථාවක් නොවේ. මේ සිද්ධියේදි විනිශ්චය ඉතා සාධාරණව දී ඇතිව තිබූවත් රටේ ප්‍රධාන ස්ථානවල ඇත්තන් විහිළු කාරයින් මෙන් සංවේදී නොමැතිව තමන්ට රිසි දේ දිනපතා වචන වෙනස් කරමින් කියන තත්වයක් යටතේ නූගත් පීඩිතම මිනිස් කණ්ඩායම නීතිය ගැන විශ්වාසය නැතිව ක්‍රියකිරීම වැනි භයානක තත්වයකි. මෙය රටක් අරාජික වීමේ පෙර ලකුණුයි. රටේ ප්‍රධානීන් මීට වඩා තම වගකීම වටහාගෙන වැඩ කළයුතුයි.
ලංකාවේ නීතියේ ආධිපත්‍යය පිරිහීමේ තවත් එක් නිදසුනක්...
මේකත් ඉතින් තවත් “එක රටක එක නීතියක්“ තමයි...