IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘‘වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න රජය වගකීමෙන් කටයුතු කරනවා‘‘

(ශාන්ත චන්ද්‍රසිරි)

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය  වගකීමෙන් කටයුතු කරන බවත් ඇතැම් වතු සමාගම් එක්සත් ජාතික පක්ෂය ඇතුළු බලවේග සමඟ එක්ව වැටුප් වැඩි කිරීමට විරුද්ධව රජයට බලපෑම් එල්ල කරන බවත් උතුරු මැද පළාත්  ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.

තලවකැලේ, කොටගල නගරයේ පැවැති ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරීන් සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙසේද පැවැසීය.

      අපි රජයක් වශයෙන් ඉතාමත් වගකීමකින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ලංකා සමසමාජ පක්ෂය ඇතුළු ආණ්ඩුවේ පක්ෂ එකතුවයි මෙම තීරණය ගත්තේ. රජයට දැන් තිබෙන්නේ එය ක්‍රියාත්මක කිරීමටයි. ඇතැම් වතු සමාගම් වතු පාඩු ලබන බව පවසනවා. එම වතුවල ඉහළ නිලධාරීන් වැටුප් සමඟ විශේෂ දීමනා විශාල වශයෙන් ලබා ගන්නවා. නමුත් දුප්පත් වතු කම්කරුවාට පඩියක් වැඩි කරන්නේ නැහැ.

ලංකා සමසමාජ පක්ෂය වශයෙන් අපි යෝජනා කරලා තියෙනවා සහයෝගිතා සංකල්පය ක්‍රියාත්මක කරලා පාඩුවට දුවන වතු සියල්ලම ලාභයක් ලබන වතු බවට පත් කරන්න පුළුවන් කියලා. මේ ක්‍රමය දැන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ක්‍රියාත්මක කරලා තියෙනවා. එම වතු දැන් විශාල ලාභයක් ලබනවා. එම ක්‍රමය  ලංකාවේද ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයට පවසනවා.

ජනතාවට එක්සත් ජාතික පක්ෂය එපා වෙලා තමයි පසුගිය ජනාධිපතිවරණයෙන් විශාල ජයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන්නේ. දේශිය සම්පත් විකුණා දමමින් අපේ රටේ වත්කම් පිටරටට විකුණා දමමින් සිදු කරන ලද පාලනයට විරුද්ධවයි ජනතාව නව රජයක් පත් කළේ.

වසර පහක් ජනතාව දුක් විදලා සංවර්ධන වේගය සියයට දෙකකට බස්සලා රට විනාශය කරපු එක්සත් ජාතික පක්ෂය ජනතාවට එපා වෙලයි තියෙන්නේ. ආයේ එක්සත් ජාතික පක්ෂයට ජනතාව රැවටෙන්නේ නැහැ.

මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් බලා ගැනීම ටිකක් අමාරු දෙයක්. නමුත් විශාල ජයග්‍රහණයක් ආණ්ඩුවට ලබා ගන්න පුළුවන්. ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට යන්න තියෙනව නම් මම ඊට ඉතාමත් කැමැත්තක් දක්වනවා. පාර්ලිමේන්තුවට ගොස් වගකීමක් ඉටු කරන්න මම කැමැතියි. රට දියුණු කරන සැළැස්මක් මට තිබෙනවා.

යුද හමුදාපතිවරයාට  ඇමරිකාව සිදු කරන ලද ක්‍රියාව සම්පුර්ණ වැරදි බලපෑමක්. එක්සත් ජාතීන්ගේ නීතියට අනුව අපේ රටේ අභ්‍යන්තර ගැටුමක් හෝ වෙනත් ගැටළුවක් තිබුණත් එහි හරි වැරදි සොයලා බලලා කටයුතු කරන්න බලය තිබෙන්නේ මේ රටේ මහජනතාවටයි. මේ රටේ ජනතාව පත් කරන ලද රජයයටයි.

ප්‍රජාතත්ත්‍රවාදය ගරු කරන රජයක් තිබියදි මෙහෙම පිටින් ඇවිල්ලා අයුතු බලපෑම් සිදු කිරීම සම්පුර්ණ වැරදියි. අපි ඒකට තදින්ම විරුද්ධයි‘‘ යැයි ඒ මහතා කීය. 



අදහස් (1)

‘‘වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න රජය වගකීමෙන් කටයුතු කරනවා‘‘

LIYANAGE Monday, 17 February 2020 02:23 AM

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කිරීම රජය ගත් ඉතා හොඳ තීරණයක්. ලැබෙන වැටුපෙන් ඔවුන්ට ජිවත් වීමට කිසිසේත්ම බැහැ නමුත් ඔවුන් වැඩ කරනු ලබන්නේ උදේ 8.00 සිට දවල් 1.30 දක්වා පමණයි. එයද උදේ ආහාරය සහ තේ පානය සඳහා ද යම් කාලයක් ඇතුලත්වයි. රජයේ සහ පුද්ගලික අංශයේ කම්කරුවෙකුගේ වැඩ කරන කාලය අවම වශයෙන් පැය 8 කි. දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්නේ නම් වතු කම්කරුවෙකු වැඩ කරන කාලය දිනකට පැය 8 ක් වත් විය යුතු බව මගේ හැඟීමයි. ඔවුන් පැය 8 ක් වැඩ නොකළ යුතු බව යමෙක් කියන්නේ නම් ඔවුන් වැඩ කල යුතු පැය ගණන කරුණාකර කියන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 934 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site