(ශාන්ත චන්ද්‍රසිරි)
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය වගකීමෙන් කටයුතු කරන බවත් ඇතැම් වතු සමාගම් එක්සත් ජාතික පක්ෂය ඇතුළු බලවේග සමඟ එක්ව වැටුප් වැඩි කිරීමට විරුද්ධව රජයට බලපෑම් එල්ල කරන බවත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.
තලවකැලේ, කොටගල නගරයේ පැවැති ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරීන් සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙසේද පැවැසීය.
අපි රජයක් වශයෙන් ඉතාමත් වගකීමකින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ලංකා සමසමාජ පක්ෂය ඇතුළු ආණ්ඩුවේ පක්ෂ එකතුවයි මෙම තීරණය ගත්තේ. රජයට දැන් තිබෙන්නේ එය ක්‍රියාත්මක කිරීමටයි. ඇතැම් වතු සමාගම් වතු පාඩු ලබන බව පවසනවා. එම වතුවල ඉහළ නිලධාරීන් වැටුප් සමඟ විශේෂ දීමනා විශාල වශයෙන් ලබා ගන්නවා. නමුත් දුප්පත් වතු කම්කරුවාට පඩියක් වැඩි කරන්නේ නැහැ.
ලංකා සමසමාජ පක්ෂය වශයෙන් අපි යෝජනා කරලා තියෙනවා සහයෝගිතා සංකල්පය ක්‍රියාත්මක කරලා පාඩුවට දුවන වතු සියල්ලම ලාභයක් ලබන වතු බවට පත් කරන්න පුළුවන් කියලා. මේ ක්‍රමය දැන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ක්‍රියාත්මක කරලා තියෙනවා. එම වතු දැන් විශාල ලාභයක් ලබනවා. එම ක්‍රමය ලංකාවේද ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයට පවසනවා.
ජනතාවට එක්සත් ජාතික පක්ෂය එපා වෙලා තමයි පසුගිය ජනාධිපතිවරණයෙන් විශාල ජයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන්නේ. දේශිය සම්පත් විකුණා දමමින් අපේ රටේ වත්කම් පිටරටට විකුණා දමමින් සිදු කරන ලද පාලනයට විරුද්ධවයි ජනතාව නව රජයක් පත් කළේ.
වසර පහක් ජනතාව දුක් විදලා සංවර්ධන වේගය සියයට දෙකකට බස්සලා රට විනාශය කරපු එක්සත් ජාතික පක්ෂය ජනතාවට එපා වෙලයි තියෙන්නේ. ආයේ එක්සත් ජාතික පක්ෂයට ජනතාව රැවටෙන්නේ නැහැ.
මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් බලා ගැනීම ටිකක් අමාරු දෙයක්. නමුත් විශාල ජයග්‍රහණයක් ආණ්ඩුවට ලබා ගන්න පුළුවන්. ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට යන්න තියෙනව නම් මම ඊට ඉතාමත් කැමැත්තක් දක්වනවා. පාර්ලිමේන්තුවට ගොස් වගකීමක් ඉටු කරන්න මම කැමැතියි. රට දියුණු කරන සැළැස්මක් මට තිබෙනවා.
යුද හමුදාපතිවරයාට ඇමරිකාව සිදු කරන ලද ක්‍රියාව සම්පුර්ණ වැරදි බලපෑමක්. එක්සත් ජාතීන්ගේ නීතියට අනුව අපේ රටේ අභ්‍යන්තර ගැටුමක් හෝ වෙනත් ගැටළුවක් තිබුණත් එහි හරි වැරදි සොයලා බලලා කටයුතු කරන්න බලය තිබෙන්නේ මේ රටේ මහජනතාවටයි. මේ රටේ ජනතාව පත් කරන ලද රජයයටයි.
ප්‍රජාතත්ත්‍රවාදය ගරු කරන රජයක් තිබියදි මෙහෙම පිටින් ඇවිල්ලා අයුතු බලපෑම් සිදු කිරීම සම්පුර්ණ වැරදියි. අපි ඒකට තදින්ම විරුද්ධයි‘‘ යැයි ඒ මහතා කීය.
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘‘වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න රජය වගකීමෙන් කටයුතු කරනවා‘‘
LIYANAGE Monday, 17 February 2020 02:23 AM
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කිරීම රජය ගත් ඉතා හොඳ තීරණයක්. ලැබෙන වැටුපෙන් ඔවුන්ට ජිවත් වීමට කිසිසේත්ම බැහැ නමුත් ඔවුන් වැඩ කරනු ලබන්නේ උදේ 8.00 සිට දවල් 1.30 දක්වා පමණයි. එයද උදේ ආහාරය සහ තේ පානය සඳහා ද යම් කාලයක් ඇතුලත්වයි. රජයේ සහ පුද්ගලික අංශයේ කම්කරුවෙකුගේ වැඩ කරන කාලය අවම වශයෙන් පැය 8 කි. දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්නේ නම් වතු කම්කරුවෙකු වැඩ කරන කාලය දිනකට පැය 8 ක් වත් විය යුතු බව මගේ හැඟීමයි. ඔවුන් පැය 8 ක් වැඩ නොකළ යුතු බව යමෙක් කියන්නේ නම් ඔවුන් වැඩ කල යුතු පැය ගණන කරුණාකර කියන්න.