(අජන්ත කුමාර අගලකඩ)
වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 50කින් වැඩිකිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා වැයවන මුදල පියවීමට රජයෙන් රුපියල් කෝටි 120ක මුදලක් වෙන් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(26) පැවැති කැබිනට් රැස්වීමේදී වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව ඇත.
වතු කම්කරුවන් සඳහා වතු සමාගම් මගින් ගෙවන මුදලට අමතරව දිනකට රුපියල් 50ක මුදලක් රජයෙන් ගෙවනු ලබන අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 120ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කෙරෙනු ඇත.
COMMENTS
එ්ක හොඳ වැඩක්... ඒත් රුපියල් 50 ක්? අඩුගණනේ පාන්ගෙඩියක් ගන්නවත් බැහැනේද?
වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 50කින් වැඩිකිරීමට රජය තීරණය කර ඇත. ඔවුනට රුපියල් 1000 වැටුපක් අද සමාජයේ ජීවත්වීමට අවශ්‍ය වේ. රජය ලංකාවේ තිබෙන ප්‍රොපේන් ගෑස් සමාගම් සමග සාකච්ඡා කර ගෑස් මිල රුපියල් 2කින් වැඩිකොට එම ලබන ආදායම වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ලබාදීමට රජයට නොහැකිද?
මෙය ඉතා වැරදිය . ලංකාවේ වහල් සේවයන් පැවතිය යුතු නැත . සුද්දා ඔවුන් ගෙනාවේ කම්කරු වහල් සේවටය . ඔවුනුත් කන්න අඳින්න අවශ්‍ය මිනිසුන්ය . අපි ලජ්ජා විය යුතුය
සුද්ද ගෙන්නාවේ කම්කරු වහල් සේවයටනම් දැන් අපි ඒගොල්ලන්ට යන්න කියමු ඔබලා වහල් බැවින් නිදහස් එමනිසා ආපසු ඔබලාගේ රට යන්න කියලා නේද? යයිද?
එතකොට දළු කඩන්නේ බමුණුද?
ඇත්තෙන්ම මෙය හරිම සෝචනීයයි.. සම අයිතිවාසිකම් හැම පුරවැසියෙකුටම පොදුසේ තිබිය යුතුයි.