(ජයන්ත සමරකෝන්)
දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ජල සැපයුමට බාධා සිදුවිය හැකි බවට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනතුරු අඟවයි.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය පානීය ජලසැපයුමට තදින් බලපා ඇතැයිද මණ්ඩලය පවසයි.
මෙම තත්ත්වය මත ජලය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
මණ්ඩලයට අයත් සියලු ජල මූලාශ්‍රවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවද එම මණ්ඩලය සඳහන් කරයි.
මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ. අන්සාර් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියාසිටියේ ජලය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණයට කිරීම ජල පාරිභෝගිකයන්ගේ යුතුකම හා වගකීම බවය.
මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී මුහුණදීමට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කනගාටුව පළ කරන බවද ඒ මහතා පවසයි.
COMMENTS
රට වටේ මුහුදෙ වතුර පෙරලා ගන්න බැරි හැටි. මැදපෙරදිග රටවල්වල එහෙමයි ජලය සපයා ගන්නේ
පුලුවන් තරම් ගස් වැල් ටික කපලා පුලුවන් තරම් Hybrid / Electric වාහන වලට බදු ගහලා දුම පිරුනු වාහන තව තවත් රටේ පුරවලා ගහ කොලකටවත් දරා ගන්න බැරි විදියට රටේ වායු ගෝලය විනාස කරලා ස්වභාවික ජල උල්පත් ටික හිදිලා යනකන් පුලුවන් තරම් මේ මව් බිම කාලා විනාස කරලා දාන්න! මොකද පාර්ලිමේන්තුවෙ ඉන්න අය මේ රටට කරන විනාසෙට ආයි ඉපදෙන ආත්මයක් ගානේ මනුස්ස ජීවිතයක් නම් ලැබෙන්නෑ..
ගිය සිකුරාදා ඉඳන් අද වෙනකන් වතුර නැහැ. ඊයේ සහ අද පාන්දර විතරයි වතුර දුන්නේ. බදු ගෙවන සාමාන්‍ය මිනිහට අත්‍යවශ්‍යය පහසුකම්වත් ලැබෙන්නැති කාලයක් උදාවෙලා තියෙන්නේ.
කළුවරේ හිටයා මදිවට දැන් වැසිකිලියට යන්ටත් නෑ.