IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


වත්මන් දේශපාලනය පිටුපස කිසිදු විදේශ බලවේගයක් නෑ

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ක්‍රියාදාමය පිටුපස කිසිදු විදේශ රටක් සිටින බවට පිළිගත හැකි සාක්ෂි කිසිවක් නැතැයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (31) පැවැසීය.

විදේශ රටවල තානාපති කාර්යාල මෙරට දේශපාලන ක්‍රියාදාමයට සම්බන්ධ  යැයි තොරතුරු පැතිරෙන්නේ ගොසිප් වෙබ් අඩවි , ඇතැම් සමාජ මාධ්‍ය ජාලා වල පමණක් බවද වික්‍රමසිංහ මහතා මෙහිදී කීය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ විදේශ ප්‍රවෘත්ති ඒජන්සි කීපයක මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව ද මාධ්‍යවේදීහු එහිදී ප්‍රශ්න කළහ.ඊට පිළිතුරු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරදවා බලයෙන් පහ කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කිරීමට නම් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ප්‍රබල මතයක් පැවතුනා.සිවිල් සංවිධාන සහ ඇතැම් දේශපාලන පකෂ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් පත්කළ යුතු බවට වන ස්ථාවරයෙන් තදින්ම සිටියා.

ඇතැම් දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන විසින් පොදු අපේක්ෂකයෙකු සඳහා නම් කීපයක්ම ඉදිරිපත් කළා.හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංහ මහත්මිය පොදු අපේක්ෂක සඳහා සුදුසු යැයි යෝජනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතායි.සමහර සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පිළිබඳ යෝජනායට විරුද්ධ වුයේ නැහැ.ඇතැම් දේශපාලන පක්ෂ ඒ අවස්ථාවේදී යෝජනා කළේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වන්නේ නම් තම පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බවයි.

සිවිල් සංවිධාන හා ඇතැම් දේශපාලන පක්ෂ කළ යෝජනාව අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කර එක්සත්  ජාතික පක්ෂය මගේ යෝජනාව සම්මත කිරීමත් සමඟ පොදු අපේක්ෂකයාට සහාය දීමට බොහෝ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන පෙළ ගැසුණු බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (15)

වත්මන් දේශපාලනය පිටුපස කිසිදු විදේශ බලවේගයක් නෑ

ගල්කටස් Wednesday, 31 October 2018 02:27 PM

ජනාධිපතිතුමා පත් කිරීමට ඔබ දැක්වූ සහය ගැන කාටවත් විවාදයක් නැත. ප්‍රශ්නය ඇතිවන්නේ ඔබ කළ ජනතා විරෝධි පාලනයයි. රටවැසියන් පීඩාවට පත්කළා. හැම අතින්ම අන්තර් ජාතික වශයෙන් අප රට විනාශ කළා. ජනතාවගේ බලාපොරොත්තු අමු අමුවේ පාගලා දැමීමා. රණවිරුවන් බෞද්ධ භික්ෂූන් හිරේ දැම්මා. හැමදේටම රාජපක්ෂ ණය ණය කියකිය හිටියා මිසක් කළ වැඩක් නැහැ.. ජනතාවට ඔබත්, ඔබ පාලනයත් තීත්ත වෙලා හටියේ.. එ් නිසා මිසක් මේ වෙනස ඔබට නැවත හැරවිය හැකි වන්නෙ නැත. ජාත්‍යන්තරයට කේලම් කියන වග සැවොම දන්නවා.. එ් ගැන කතා කරලා වැඩක් නැත. දැන්වත් සජිත්, නවීන් මෙන්ම රැවන් විජයවර්ධන වැන්නවුන්ට පක්ෂය බාරදුන්නා නම් ඉවරයි. දැන් තැන දෙන්න නියම යූ.එන්.පි. කරුවන්ට... ගෙම්බන්ට නොව ...ජනතා⁣වගෙ හද හඳුනන අයට ... වෙන විකල්ප දැන් නැත.

:       509       2513

nisarWednesday, 31 October 2018 03:16 PM

එතකොට අපේ ගෙවල් කඩවල් ගිනිබත් කරුපුවාත් ඔය ලැයිස්තුවට එකතු කරගන්න.

:       0       0

ශිරාණි - ලන්ඩන් Wednesday, 31 October 2018 07:15 PM

ඔබ කළ එකම දෙය "සමනලුන්" දේශපාලනයට එක්කර ගැනීමයි. ලැජ්ජයි.. සොබාදහමට විරුද්ධ වන මිනිසාව සොබාදහම විසින්ම විනාශ කරයි. ඔබට සමනලුන්ගේම පිහිටයි.

:       0       0

Thilina Wednesday, 31 October 2018 02:35 PM

රතු අලි පැටවු එදා... ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකලේ කාත් සමග තිබුණු ගිවිසුමක් නිසාද කියලා දැන් පැහැදිලියි නේද..? අදත් ඔවුන් වැඩ කරන්නේ රනිල්ගේ උපදෙස් පිට තමයි.

:       276       1153

DahamWednesday, 31 October 2018 03:03 PM

බොරු තර්ක මවන්න එපා..

:       1007       237

ciscoThursday, 01 November 2018 03:18 AM

දහම් කිසිම බොරු තර්කයක් නැහැ. පසුගිය පර්ලිමේන්තු සැසිවාරවලදී අනුර කුමාර මහතා හිටපු අගමැතිතුමාගෙන් අැසූ බොහෝ ප්‍රශ්න හරියට ෆුල් ටොස් පන්දු වගෙයි. රනිල්ට හයක් හතරක් ගහන්න හැකි වන ලෙස තමයි පන්දු යොමු කළේ. හොඳට හොයලා බලන්න...

:       0       0

ධනුෂ්කThursday, 01 November 2018 02:35 AM

තිලිණ මාර හොයා ගැනීමක්නේ කරලා තියෙන්නේ. ඔයා දැන් දැනගත්තට ජ.වි.පෙ කොහොමත් මහින්ද පරද්දන්න වුවමනා නිසා තමයි කවුරුත් ඉදිරිපත් නොකලේ කියලා එ් කාලෙම අපි දන්නවා. එ්ක විය යුත්තක්. ජ.වි.පෙ තමා 2005 මහින්දව ජනපති කරන්න ලොකුම බරපැන දැරුවේ. හැබැයි ජ.වි.පෙ මහින්දට පමණක් සහයෝගය දිය යුතුයි කියලා නීතියක් තියනවද? ජ.වි.පෙ කියන්නෙත් බලය පිටුපස යන පක්ෂයක්. එහි සැලසුම දිර්ඝකාලින එකක්. එහිදී විවිධ උපාය මාර්ග තෝරන්න වෙනවා. යම් පාර්ශවයකට අනියම් වාසියක් වෙනවා එ්ක නවත්තන්න බෑ. දැන් 20 සම්මත වුනොත් එහි වාසිය මහින්දට. එතකොට කියයි නිල් සීනු කාරයෝ කියලා. නූතන දේශපාලන විද්‍යාවේ පියා මැකියාවලි පැවසුවේ අරමුණ බලය ලබා ගැනීම නම් ඊට යොදන උපාය කුමක් වුවත් කමක් නැත. ලෝකේ දේශපාලන යතාර්ථය එයයි. මහින්දත් සම්බන්ධන්ට බැන බැන අර සාකච්ඡා තිබ්බේ අන්න එ්කයි ලෝක යතාර්ථය... ඉගෙන ගන්න පස්සේ තර්ක කරන්න..

:       0       0

සමන් Wednesday, 31 October 2018 03:09 PM

ඒක වෙන්න ඇති... විදේශ තානාපතිවරු ගෙන්නලා අඬන්නේ...

:       0       0

lalith Wednesday, 31 October 2018 04:20 PM

එදා යුද්ධය අවසන් කරන්න ඉන්දියාව සමග ගිවිසුම් ගහපු ඔබතුමා, රාජපක්ෂ ජනාධිපති තුමා ඒ වැඩේ කරනකල් ඉඳල අන්තිමේ ද්‍රවිඩ ජනතාවගේ එකම ගැලවුම්කරයා ලෙස පෙනීසිටිමින්, ඒ කරපු වැඩේ යුධ අපරාධයක් ලෙසට හංවඩු ගස්සලා, බෙල්ල කපලා, බලය ගත්තා. එයිනුත් නොනැවතී අවුරුදු තුනක්ම බකන් නිලාගෙන ඉඳලා අවබෝධතාව අවසන් වුණාට පස්සේ තනියම රජවෙන්න හිතාගෙන, ධන ධාන්‍ය එකතුකළා රටේ මිනිසුන්ට සුරපුරක් මවලා ඡන්දෙ ගන්න. මෙදා ඔබතුමා ධන ධාන්‍ය එකතු කරලා විදේශ රටවල් සමග ගිවිසුම් ගහලා වැඩේ පටන්ගන්න කොටම ඔබතුමාගේ බෙල්ල කපලා එයාලා බලේ උදුරාගත්තා.. ඒ සල්ලි වලින් එයාලා රටේ සුරපුරයක් මවලා පෙන්නලා මීළඟ ඡන්දෙන් නැවත බලය ගන්න. බලන්න ඔය දෙගොල්ලොම එකතුවෙලා වැඩ කළානම් ඔය බල කාමය පැත්තකට දාල, අද රටම ගොඩ නේද? එකනේ අපි කියන්නේ ඔය කවුරු කවුරුත් බලයට මිසක් රටට ආදරේ නැහැ කියලා. අන්තිමට අපි හැමදාමත් වලේ...

:       0       1

lankmal Wednesday, 31 October 2018 09:05 PM

ලංකාවේ ඇති මජර දේශපාලනයට, හොඳ සිහියෙන් සිටින කිසිම රටක් මැදිහත් නොවන බව අප සිහි තබා ගත යුතුයි.

:       0       1

Lalith Wednesday, 31 October 2018 11:30 PM

මොන හෝටලේද දැන් ඔය සම්මන්ත්‍රණේ තිබුනේ?

:       0       0

KANDEPOLA Thursday, 01 November 2018 02:52 AM

දැන් දැන් ජවිපෙ අරමුණු පිළිබඳව සැක සංකා මතුවෙනවා...

:       0       0

lalith Thursday, 01 November 2018 03:42 AM

වත්මන් දේශපාලනය පිටුපස නම් නැහැ තමයි. ඒ උනත් අර ඊයේ පෙරේදා වෙනකල් තිබුණු දේසපාලුවන් පිටුපස නම් උන්න. නැහැ කියන්න නම් එපා ඔන්න...

:       0       1

chinthaka dubai Thursday, 01 November 2018 05:34 AM

රූකඩ රට වෙන්දේසි කරන්න ගියේ .

:       0       2

indra Thursday, 01 November 2018 07:12 AM

රටට විදේශ බලවේග තිබුණද? නැද්ද? කියන එක දැන් හොඳින් පෙනෙනවා. ඔබට ගෙදර යන්න කාලය හරි... මේ මහජන මතයයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 120 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 70 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site