(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
වතුකම්කරුවන් සඳහා රජයෙන් වැඩිකළ රුපියල් 50 ක දෛනික දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (30) රැස්වූ කැබිනට් රැස්වීමේදී එකඟ වූ බව සභානායක, අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවැසීය.
එම ප‍්‍රතිපාදන ලබාදීම සඳහා මැදිහත්වන බව අගමැතිවරයා කැබිනට් රැස්වීමේදී පැවැසූ බව ද සභානායකවරයා සඳහන් කළේය.
සභානායකවරයා මේ බව සඳහන් කළේ රජය වතුකම්කරුවන් සඳහා ලබාදෙන බව කී රුපියල් 50 ක දෛනික දීමනාව දිගින් දිගටම ප‍්‍රමාදවන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ චෝදනාවකට පිළිතුරු ලබාදෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඬේ හැටියට අපි හිතුවේ දැන් මේක ගෙවලා ගොඩක් කල් කියලා. බැංකුවේ ඉතිරි කරන ඒ 50ට පොලියත් සෑහෙන්න ලැබිල ඇති කියලයි..!!!