IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


වතුකම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් 700 කරන්න යෝජනා වෙයි

 

වතුකරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 ක් කිරීමට කලාපීය වැවිලි සමාගම් සහ ලංකා වැවිලිකරුවන්ගේ සංගමය යෝජනා කර තිබේ.

වතු කම්කරුවන්ගේ දෛනික ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් නව යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් මෙලෙස වතුකරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 ක් කිරීමට යෝජනා කර ඇත.

නව යෝජනාව පරිදි දෛනික වැටුප් ක‍්‍රමවේදයට අනුව වතු කම්කරුවන්ට එක් දිනක් වැඩ කිරීම සඳහා රුපියල් 1025 ක් ගෙවීමට තීරණය කර ඇති අතර ඒ අනුව මූලික වැටුප රුපියල් 700 ක් වේ. ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. රුපියල් 105 ක් ද, පැමිණීමේ දීමනා රුපියල් 70 ක් ද, නිෂ්පාදන දීමනා රුපියල් 75 ක් සහ නෙලනු ලබන වැඩිපුර තේ දලු සඳහා දීමනා ලෙස රුපියල් 75 ක් ද වශයෙන් කම්කරුවන්ට මෙම දෛනික වැටුපට හිමි වනු ඇත.

කම්කරුවන්ට මෙම ආකෘතිය යටතේ නිසි පරිදි වැටුප් ලබා දීමක් සිදුවුවහොත් ඔවුන්ගේ මාසික ඉපැයීම රුපියල් 4,250 කින් පමණ ඉහළ යනු ඇතැයි ද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කියයි. මේ අතර වතු කම්කරුවන් තේ දලු නෙලීමේ සම්මත ප‍්‍රමාණය ඉක්මවා ගියහොත් ඔවුන්ට ඉතා ඉහළ මාසික වැටුපක් හිමි කර ගැනීමට ද මෙයින් හැකියාව ලැබෙන බව ද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

නව යෝජනා යටතේ කලාපීය වැවිලි සමාගම් ස්ථාවර දෛනික වැටුප් ලබා දීම අඛණ්ඩව සිදු කරනු ඇති අතර පැමිණීමේ දීමනා, ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා කම්කරුවන්ව දිරිගැන්වීමක් ලෙස ලබා දෙන ගෙවීම් ආදිය නැවත හඳුන්වා දෙනු ඇත. එමෙන්ම දින තුනක දෛනික වැටුපක් හා දින තුනක ඵලදායිතාවය මත පදනම් වූ ගෙවීමක් යන වැටුප් ක‍්‍රමවේද දෙකෙහි එකතුවක් ද සමඟින් නව යෝජනාවක් ද කලාපීය වැවිලි සමාගම් විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. එහිදී කම්කරුවන්ට ඔවුන්ගේ අස්වැන්න මත පදනම්ව ඔවුන්ගේ ඉපැයීම් ඉහළ නංවා ගැනීමට හැකියාව ඇත.

ඵලදායිතාව හා බැඳුණු නව යෝජනා යටතේ ඉදිරිපත් කර ඇති පළමු විකල්ප යෝජනාව වන්නේ කම්කරුවන් විසින් නෙලන ලද සෑම අමු තේ දලු කිලෝග‍්‍රෑම් එකක් සඳහා (ඊ.පී.එෆ්./ඊ.ටී.එෆ්. ඇතුළුව) රුපියල් පනහක මිලක් ගෙවීමයි. ඒ අනුව වතු කම්කරුවන් දිනකට තේ දලු කිලෝග‍්‍රෑම් 30-40 ත් අතර ඉහළ තේ අස්වැන්නක් ලබා ගන්නා විට (දැනට පවතින සම්මතයට වඩා) ඔවුන්ගේ ඉපැයීම් වඩාත් ඉහළ නංවා ගැනීමට මෙහිදී හැකියාව ලැබේ. රුපියල් 50 ක ගෙවීම අනුව තේ දලු කිලෝග‍්‍රෑම් 20 ක් නෙලන කම්කරුවෙකු සඳහා දිනකට රුපියල් 1000 ක ගෙවීමක් ලැබෙන ඇති අතර එහිදී මාසික වැටුප රුපියල් 25,000 ක් වනු ඇතැයි ද එම සංගමය කියයි.

 

වර්තමානයේදී කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතුවල තේ දලු නෙලීමේ සාමාන්‍ය දිනකට කිලෝග‍්‍රෑම් 20-22ත් අතර වන බවත් කෙසේවෙතත් හොඳම තේ දලු නෙලන්නන්ගෙන් බහුතරයගේ දිනක අස්වනු නෙලීමේ සාමාන්‍ය වන්නේ තේ දලු කිලෝග‍්‍රෑම් 30-40ත් අතර ප‍්‍රමාණයක් බවත් එම සංගමය පවසයි. මින් අදහස් වන්නේ එම වැටුප මාසිකව රුපියල් 37,500 සිට රුපියල් 62,000 ක් දක්වා වැඩි කර ගැනීමට මෙම ක‍්‍රමය යටතේ වතු කම්කරුවන්ට හැකියාව ඇති බව ද සංගමය සඳහන් කරයි.

ජාතික විකුණුම් අනුපාතයෙන් (NSA) සියයට 35 කොටසක් මත පදනම්ව කම්කරුවන්ව ලැයිස්තුගත කිරීම ද තවත් විකල්ප යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබේ.

055

 



අදහස් (5)

වතුකම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් 700 කරන්න යෝජනා වෙයි

jagath G Sunday, 27 December 2020 05:07 PM

1000ක් නේද දෙනවා කියලා ඡන්දෙ ගත්තේ .... අනේ පව් ඡන්දෙ දීපු මිනිස්සු...

:       1       13

කසයා Monday, 28 December 2020 06:53 AM

මොනව හරි කියන්න ඉස්සෙල්ලා මේක හරියට කියන්න. ඕක යෝජනා කරලා තියෙන්නේ වැවිලි කරුවන්ගේ සංගමය සහ කලාපීය වැවිලි සමාගම්. ආණ්ඩුවට ඔය රුපියල් 1000.00 ආයි ඡන්දයක් එනකම් මතක් වෙන් නෑ.

:       0       0

Rata Perata Monday, 28 December 2020 08:09 AM

නන්දසේනගේ සෞභාග්‍යයේ දැක්ම සුරඟන කතාවේ නම් තිබුණේ 1000ක් දෙනවා කියලා. මේ අය හැමදාම කළේ අහිංසක මිනිස්සු රවටන එක තමයි.

:       0       0

Priyantha Tuesday, 29 December 2020 07:34 AM

ඡන්දේ ගත්තේ 1000 දෙනවා කියලා මෝඩ ජනතාව.. ඔය අහිංසක මිනිස්සු වෙනුවෙන් කෝ ජවිප සහෝදරයෝ....

:       0       1

isuru Wednesday, 30 December 2020 05:03 PM

තොණ්ඩමන්ගේ අවමගුල් උත්සවය කාලේ රටවටේ ගොස් කිව්වෙත් වතුකරයේ ජනතාවගේ පඩිය 1000ක් කරනවා කියලා නේද මේ ආණ්ඩුව..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 175 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1119 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site