IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


වැඩ වර්ජනයෙන් පාළුවට ගිය මධ්‍යම තැපැල් හුවමාරුව

(චතුර එස්. කොඩිකාර)

ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය ආරම්භ කළ දින දෙකක සංකේත  වැඩ වර්ජනය අද (17) ක්‍රියාත්මක වෙමින් පවතී.

තැපැල් සේවාව පිළිබඳව මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාගැනීම, දිවයින පුරා දැනට සිදුවෙමින් පවතින තැපැල් සේවක අයිතිවාසිකම්  කප්පාදුව නතර කිරීම, තැපැල් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම සේවා සපයන ස්ථානයක් බවට පත් කර ගැනීමට හැකිවන පරිදි සංවර්ධන යෝජනාවලියක් සැකසීම යන කරුණු මුල් කරගෙන මෙම වර්ජනය පැවැත්වේ. 

මේ හේතුවෙන් තැපැල් හුවමාරුව කාර්යය මණ්ඩලය නොමැතිකමින් පාළුවට ගොස් තිබූ අයුරු පහත ඡායාරූපවල දැක්වේ.



අදහස් (8)

වැඩ වර්ජනයෙන් පාළුවට ගිය මධ්‍යම තැපැල් හුවමාරුව

THUSHARA Wednesday, 17 July 2019 07:18 AM

පින්තුර ටික දැක්කා හිතුනේ පංචිකාවත්තේ පරණ බඩු විකුණන කඩයක් වගේ.මෙතරම් දියුණු ලෝකේ අපේ රට තියෙන්නේ කොතනද. හරිම ලස්සනට තැපැල් බඩු ටික තියල තියෙනවා..

:       0       219

de silva berlin Wednesday, 17 July 2019 07:39 AM

දැනට අවරුදු 20 කට විතර ඉස්සර ජර්මනියේ ඉඳන් ලංකාවට ලිපියක් එව්වහම දවස් 7 ඇතුලත එම ලිපිය ලැබෙනවා , නමුත් දැන් මම සති 3 කට කලින් තැපැල් කරපු ලිපියක් තවම ලැබිල නැහැ , දැන් මේ වර්ජනේ නිසා එක ලැබෙන්න තව සති 2 විතර යන්න පුළුවන් ,අලුත් තාක්ෂණය තිබිලත් තැපැල් සේවයේ ගුණාත්මක බව පහල වැටිලා .ලංකාවේ වැඩි දෙනෙක් ලංකාව ඇතුළතත් වැදගත් ලිපියක් , භාණ්ඩයක් යවන්න භාවිත කරන්නේ පුද්ගලික කුරියර් සර්විස් , පුද්ගලික කුරියර් සර්විස් වලට කලට වෙලාවට වැඩක් කරන්න පුලුවන්නම් , මෙච්චර වාහන , විශාල සේවක මණ්ඩල , ප්‍රවාහනයට දුම්රිය පහසුකම් වැනි සම්පත් තිබෙන තැපැල් දෙපාර්තමේන්තුවට බැරි මොකද ?කරුණාකර මේ තැපැල් සේවය පෞද්ගලික කරණය කරන්න , එතකොට මේක ක්‍රියාත්මක වේවි , ජර්මනිය ඇතුළු යුරෝපයේ දියුණු රටවලත් තැපැල් සේවය පෞද්ගලික අංශයට පවරලා . ඒවා හොඳින් ක්‍රියාත්මක වෙනවා ඉල්ලීම් දෙන්න ඕනේ තම යුතුකම් වගකීම් හරියට ඉෂ්ඨ කරන්න පුළුවන් ආයතනවල සේවකයන්ට .

:       0       165

sampath Wednesday, 17 July 2019 07:40 AM

මේක පුළුවන් කෙනෙක් විකුනන්න මුද්දරයක් ගන්න ගියාම පැයකට වැඩ පෝලිමේ බලන් ඉන්න ඕනේ කෙවුන්ටර්වල කිසි කෙනෙක් නැහැ ගොඩක් වෙලාවට මේවා තිනිකරම කාලය කන ස්ථාන බවට මෙයාල වර්ජනයේ තමා ඉන්නේ රට හදන්න නම් මේ තර්ජන වර්ජන කරන අය පන්නන්න ඕනේ ජයවර්ධන ජනාධිපති වරයා 80 කරපු දේ හරියට හරි ලංගම තරගෙට වර්ජනය කළා දැන් පඩිත් නැ .ටෙලිකොම් ඒ කලේ කොහොමද තිබුනේ ලංකාවේ බණ්ඩාරනායක මැතිනියගේ කළේ ගෝනියක් හදන්නත් ආයතනයක් තිබුන හන් සංස්ථාව කියල මේවා කාබාසිනියා කළේ මේ වර්ජකයන් විසින්මයි දේශපාලනයට විතරක්ම බැනීම සාධාරණ නැහැ ආයතනවලට පත් වෙන මිනිස්සු ටිකක් විනාස කරනවා අනෙක් ටික වර්ජකයන් විනාස කරනවා කෝ පෞගලික අංශයේ මේවගේ ඒවා

:       0       115

de silva berlin Wednesday, 17 July 2019 10:24 AM

දැනට අවුරුදු 35-40ක් විතර ඉස්සර ලංකාව පුරාම තිබුණේ ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය වාණිජ බැංකු දෙක පමණි.. ඉස්සර ඒවාගෙන් වැඩක් කරගන්න ගියාම හරියට රජයේ කාර්යාල වලින් වැඩක් කරගන්න ගියා වගේ..? දැන් රටපුරාම පුද්ගලික බැංකු තිබෙන නිසා ජනතාවට හොඳ සේවයක් සැපයෙනවා. රාජ්‍ය බංකු දෙකත් පුද්ගලික අංශය සමග කරටකර සේවයක් දෙන්න උත්සාහ කරනවා. ඉස්සර පුද්ගලික බැංකු දමන්න ඉඩ නොදී හිටියා නම් අද මොකද වෙන්නේ? මෙවැනි පාඩු ලබන අකාර්යක්ෂම ආයතන අනිවාර්යයෙන් පුද්ගලික අංශයට පැවරිය යුතුයි. අපේ රට සමාජවාදී ආර්ථිකයක් තිබෙන රටක නොවේ..

:       0       29

Gamarala Wednesday, 17 July 2019 04:17 PM

ම දන්නා තරමින් තැපැල් කන්තොරුවයි. ආණ්ඩුවේ ඉස්පිරිතලෙයි 1960 ගණන්වල තිබුන තත්වයමයි. වෙනසකට තියෙන්නේ පියුන් මහත්තය දැන් එන්නේ යතුරු පැදියෙන්.

:       0       4

kolan boss Thursday, 18 July 2019 03:50 AM

ඉතාම අකාර්යක්ෂම සේවා ස්ථානයක්.... සේවකයන් වැහි වැහැලා. නමුත් රාජාකාරිය ඉතාම හෙමින්... මම තැපැල් හුවමාරුවට යන්නේ EMS එකක් ලබාගැනීමට පමණයි. එතන දවල් 12 සිට 1.30 වෙනකන් වහලා. ඔක්කොම එක පාර කන්න යනවා. ආපු මිනිස්සු සල්ලි ගෙවලා බඩු ගන්න කට්ටිය කාලා එනකන් රස්තියාදු වෙන්න ඕනෑ. කස්ටම් කාරයෝ එතැන ඉන්නේ කඩේ මුදලාලි වගේ. වෙන කඩවල නම් මුදලාලිගෙන් බඩු ගන්න ගියහම මුදලාලි දෙකට නැමිලා බඩු විකුණන්නේ. මෙතන අපේ බඩුම අපි ගන්න ගියාම කස්ටම් මුදලාලි ඉස්සරහ බැනුම් අහලා බඩු ගන්න ඕනෑ. නැත්නම් කස්ටම් මුදලාලි තමන්ට හිතුණු හැටියට බදු ගහන්න හදනවා. රස්තියාදුව උපරිමයි. අපිත් යන්නේ 1000ක් වැඩ තියාගෙන... මොවුන්ගේ පැය 1.30 කෑම වෙලාව හින්දා අපේත් පැය 1.30ක් වතුරේ. අඩුතරමේ තාම තැපැල් ඇමැතියාට බැහැ කන වෙලාවට රෝටේෂන් එකක් හදලා ජනතාවට සේවය ලබාදෙන්න... මොවුන්ව පුටුවේ තියන්න. එහෙම කරන්න ගියොත් මේ අය කරන්නේ තව වැඩ වර්ජනයක් දියත් කරන එකයි. මේ අය විතරක් නෙමෙයි හැමතැනම ඔය වගේ තමයි. කවදාවත් ලංකාව ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබාදෙන රටක් කරන්න හම්බවෙන්නේ නැහැ. මේ වගේ වැඩ වර්ජන සහ ජනතාවට තේරුමක් නැති මොවුන් වෙනුවෙන් පමණක් හිතන තෙක්...

:       0       10

de silva berlin Thursday, 18 July 2019 07:51 AM

kolan boss මහත්මයාගේ අදහස බැලුවම මට තේරෙනවා ප්‍රශ්නය ඔඩු දුවලා කියලා, රටක මධ්‍යම තැපැල් හුවමාරුවක් කියන එක ශිෆ්ට් 3 කට පැය 24 පුරා වැඩකරන ස්ථානයක්... එවැනි ස්ථානවල රාත්‍රී කාලයේත් ලියුම් තේරීම සහ බෙදා හැරීම වැනි කටයුතු සිදුවෙන්න ඕනේ... එක කෑම වෙලාවට කියලා පැය 1 1/2 වහලා දමන්න බැහැ. ඔක්කොම එකට කෑමට යන්න අවශ්‍ය නැහැ. මේ ලෙඩේට ප්‍රතිකර්මය මේක පුද්ගලික අංශයට පැවරීමයි. යුරෝපයේ රටවල රට තුළ ලිපිනයකට අද තැපැල් කරන ලියුමක් හෙට දවස තුළ ලැබෙනවා. (ඉරිදා හැර) අපි හැමදාම දුප්පත් කියමින් ඉඳලා හරියන්නේ නැහැ හරියට කලට වෙලාවට වැඩ නොකලොත් රට තවත් අගාධයට යනවා, මේ තැපැල් දෙපාර්තමේන්තුව ලියුම් ප්‍රමාද කරනකොට අනිත් පුද්ගලික සහ රජයේ ආයතන වල සේවාවනුත් මෙයට සමගාමීව ප්‍රමාද වෙනවා.

:       0       18

de silva berlin Thursday, 18 July 2019 06:46 PM

මේ පින්තුර බැලුවහම පෙනෙනවා මෙතන වැඩ හරිම අපිලිවෙලය, ලියුම් මලු කාමරය පුරහම කිසිම පිළිවෙලක් නැතුව සෑම තැනම දමලා, රජයෙන් සුඛෝපභෝගී වාහන පහසුකම් එහෙම දීලා තිබෙන බව පෙනෙනවා, නමුත් පිළිවෙලකට රාක්ක එහෙම හදලා ලියුම් මලු ටික පිළිවෙලකට තියාගන්න මෙතන පාලකය අසමත් බව පෙනෙනවා, කවුද මෙතන පාලකයා? මම තැපැල් ඇමතිනම් ඉස්සෙල්ලම මේ වර්ජකයෝ ටික ගෙදර යවලා මෙතනට හමුධදාව යොදවල ආරක්ෂාව දීලා වර්ජනයට සහභාගි නොවුන සේවකයන් සහ අඩු හරියට මෑන් පවර් සමාගමකින් සේවකයෝ අරගෙන පුද්ගලික කුරියර් සමාගම් වල උපකාරය ඇතුව ලියුම් ටික බෙදලා දමනවා, ඊට පස්සේ ඉන්න සේවකයන්ට ඔහොම ඉන්න ඇරලා අඩු හරියට මෑන් පවර් සේවකයන් කෙටි කලින් කොන්ත්‍රාත් පදනමක් ඇතිව තැපල් සේවයට බදවගන්නවා.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6700 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1243 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 315 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1341 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site