






(චතුර එස්. කොඩිකාර)
ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය ආරම්භ කළ දින දෙකක සංකේත වැඩ වර්ජනය අද (17) ක්‍රියාත්මක වෙමින් පවතී.
තැපැල් සේවාව පිළිබඳව මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාගැනීම, දිවයින පුරා දැනට සිදුවෙමින් පවතින තැපැල් සේවක අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීම, තැපැල් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම සේවා සපයන ස්ථානයක් බවට පත් කර ගැනීමට හැකිවන පරිදි සංවර්ධන යෝජනාවලියක් සැකසීම යන කරුණු මුල් කරගෙන මෙම වර්ජනය පැවැත්වේ.
මේ හේතුවෙන් තැපැල් හුවමාරුව කාර්යය මණ්ඩලය නොමැතිකමින් පාළුවට ගොස් තිබූ අයුරු පහත ඡායාරූපවල දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තුර ටික දැක්කා හිතුනේ පංචිකාවත්තේ පරණ බඩු විකුණන කඩයක් වගේ.මෙතරම් දියුණු ලෝකේ අපේ රට තියෙන්නේ කොතනද. හරිම ලස්සනට තැපැල් බඩු ටික තියල තියෙනවා..
දැනට අවරුදු 20 කට විතර ඉස්සර ජර්මනියේ ඉඳන් ලංකාවට ලිපියක් එව්වහම දවස් 7 ඇතුලත එම ලිපිය ලැබෙනවා , නමුත් දැන් මම සති 3 කට කලින් තැපැල් කරපු ලිපියක් තවම ලැබිල නැහැ , දැන් මේ වර්ජනේ නිසා එක ලැබෙන්න තව සති 2 විතර යන්න පුළුවන් ,අලුත් තාක්ෂණය තිබිලත් තැපැල් සේවයේ ගුණාත්මක බව පහල වැටිලා .ලංකාවේ වැඩි දෙනෙක් ලංකාව ඇතුළතත් වැදගත් ලිපියක් , භාණ්ඩයක් යවන්න භාවිත කරන්නේ පුද්ගලික කුරියර් සර්විස් , පුද්ගලික කුරියර් සර්විස් වලට කලට වෙලාවට වැඩක් කරන්න පුලුවන්නම් , මෙච්චර වාහන , විශාල සේවක මණ්ඩල , ප්‍රවාහනයට දුම්රිය පහසුකම් වැනි සම්පත් තිබෙන තැපැල් දෙපාර්තමේන්තුවට බැරි මොකද ?කරුණාකර මේ තැපැල් සේවය පෞද්ගලික කරණය කරන්න , එතකොට මේක ක්‍රියාත්මක වේවි , ජර්මනිය ඇතුළු යුරෝපයේ දියුණු රටවලත් තැපැල් සේවය පෞද්ගලික අංශයට පවරලා . ඒවා හොඳින් ක්‍රියාත්මක වෙනවා ඉල්ලීම් දෙන්න ඕනේ තම යුතුකම් වගකීම් හරියට ඉෂ්ඨ කරන්න පුළුවන් ආයතනවල සේවකයන්ට .
මේක පුළුවන් කෙනෙක් විකුනන්න මුද්දරයක් ගන්න ගියාම පැයකට වැඩ පෝලිමේ බලන් ඉන්න ඕනේ කෙවුන්ටර්වල කිසි කෙනෙක් නැහැ ගොඩක් වෙලාවට මේවා තිනිකරම කාලය කන ස්ථාන බවට මෙයාල වර්ජනයේ තමා ඉන්නේ රට හදන්න නම් මේ තර්ජන වර්ජන කරන අය පන්නන්න ඕනේ ජයවර්ධන ජනාධිපති වරයා 80 කරපු දේ හරියට හරි ලංගම තරගෙට වර්ජනය කළා දැන් පඩිත් නැ .ටෙලිකොම් ඒ කලේ කොහොමද තිබුනේ ලංකාවේ බණ්ඩාරනායක මැතිනියගේ කළේ ගෝනියක් හදන්නත් ආයතනයක් තිබුන හන් සංස්ථාව කියල මේවා කාබාසිනියා කළේ මේ වර්ජකයන් විසින්මයි දේශපාලනයට විතරක්ම බැනීම සාධාරණ නැහැ ආයතනවලට පත් වෙන මිනිස්සු ටිකක් විනාස කරනවා අනෙක් ටික වර්ජකයන් විනාස කරනවා කෝ පෞගලික අංශයේ මේවගේ ඒවා
දැනට අවුරුදු 35-40ක් විතර ඉස්සර ලංකාව පුරාම තිබුණේ ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය වාණිජ බැංකු දෙක පමණි.. ඉස්සර ඒවාගෙන් වැඩක් කරගන්න ගියාම හරියට රජයේ කාර්යාල වලින් වැඩක් කරගන්න ගියා වගේ..? දැන් රටපුරාම පුද්ගලික බැංකු තිබෙන නිසා ජනතාවට හොඳ සේවයක් සැපයෙනවා. රාජ්‍ය බංකු දෙකත් පුද්ගලික අංශය සමග කරටකර සේවයක් දෙන්න උත්සාහ කරනවා. ඉස්සර පුද්ගලික බැංකු දමන්න ඉඩ නොදී හිටියා නම් අද මොකද වෙන්නේ? මෙවැනි පාඩු ලබන අකාර්යක්ෂම ආයතන අනිවාර්යයෙන් පුද්ගලික අංශයට පැවරිය යුතුයි. අපේ රට සමාජවාදී ආර්ථිකයක් තිබෙන රටක නොවේ..
ම දන්නා තරමින් තැපැල් කන්තොරුවයි. ආණ්ඩුවේ ඉස්පිරිතලෙයි 1960 ගණන්වල තිබුන තත්වයමයි. වෙනසකට තියෙන්නේ පියුන් මහත්තය දැන් එන්නේ යතුරු පැදියෙන්.
ඉතාම අකාර්යක්ෂම සේවා ස්ථානයක්.... සේවකයන් වැහි වැහැලා. නමුත් රාජාකාරිය ඉතාම හෙමින්... මම තැපැල් හුවමාරුවට යන්නේ EMS එකක් ලබාගැනීමට පමණයි. එතන දවල් 12 සිට 1.30 වෙනකන් වහලා. ඔක්කොම එක පාර කන්න යනවා. ආපු මිනිස්සු සල්ලි ගෙවලා බඩු ගන්න කට්ටිය කාලා එනකන් රස්තියාදු වෙන්න ඕනෑ. කස්ටම් කාරයෝ එතැන ඉන්නේ කඩේ මුදලාලි වගේ. වෙන කඩවල නම් මුදලාලිගෙන් බඩු ගන්න ගියහම මුදලාලි දෙකට නැමිලා බඩු විකුණන්නේ. මෙතන අපේ බඩුම අපි ගන්න ගියාම කස්ටම් මුදලාලි ඉස්සරහ බැනුම් අහලා බඩු ගන්න ඕනෑ. නැත්නම් කස්ටම් මුදලාලි තමන්ට හිතුණු හැටියට බදු ගහන්න හදනවා. රස්තියාදුව උපරිමයි. අපිත් යන්නේ 1000ක් වැඩ තියාගෙන... මොවුන්ගේ පැය 1.30 කෑම වෙලාව හින්දා අපේත් පැය 1.30ක් වතුරේ. අඩුතරමේ තාම තැපැල් ඇමැතියාට බැහැ කන වෙලාවට රෝටේෂන් එකක් හදලා ජනතාවට සේවය ලබාදෙන්න... මොවුන්ව පුටුවේ තියන්න. එහෙම කරන්න ගියොත් මේ අය කරන්නේ තව වැඩ වර්ජනයක් දියත් කරන එකයි. මේ අය විතරක් නෙමෙයි හැමතැනම ඔය වගේ තමයි. කවදාවත් ලංකාව ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබාදෙන රටක් කරන්න හම්බවෙන්නේ නැහැ. මේ වගේ වැඩ වර්ජන සහ ජනතාවට තේරුමක් නැති මොවුන් වෙනුවෙන් පමණක් හිතන තෙක්...
kolan boss මහත්මයාගේ අදහස බැලුවම මට තේරෙනවා ප්‍රශ්නය ඔඩු දුවලා කියලා, රටක මධ්‍යම තැපැල් හුවමාරුවක් කියන එක ශිෆ්ට් 3 කට පැය 24 පුරා වැඩකරන ස්ථානයක්... එවැනි ස්ථානවල රාත්‍රී කාලයේත් ලියුම් තේරීම සහ බෙදා හැරීම වැනි කටයුතු සිදුවෙන්න ඕනේ... එක කෑම වෙලාවට කියලා පැය 1 1/2 වහලා දමන්න බැහැ. ඔක්කොම එකට කෑමට යන්න අවශ්‍ය නැහැ. මේ ලෙඩේට ප්‍රතිකර්මය මේක පුද්ගලික අංශයට පැවරීමයි. යුරෝපයේ රටවල රට තුළ ලිපිනයකට අද තැපැල් කරන ලියුමක් හෙට දවස තුළ ලැබෙනවා. (ඉරිදා හැර) අපි හැමදාම දුප්පත් කියමින් ඉඳලා හරියන්නේ නැහැ හරියට කලට වෙලාවට වැඩ නොකලොත් රට තවත් අගාධයට යනවා, මේ තැපැල් දෙපාර්තමේන්තුව ලියුම් ප්‍රමාද කරනකොට අනිත් පුද්ගලික සහ රජයේ ආයතන වල සේවාවනුත් මෙයට සමගාමීව ප්‍රමාද වෙනවා.
මේ පින්තුර බැලුවහම පෙනෙනවා මෙතන වැඩ හරිම අපිලිවෙලය, ලියුම් මලු කාමරය පුරහම කිසිම පිළිවෙලක් නැතුව සෑම තැනම දමලා, රජයෙන් සුඛෝපභෝගී වාහන පහසුකම් එහෙම දීලා තිබෙන බව පෙනෙනවා, නමුත් පිළිවෙලකට රාක්ක එහෙම හදලා ලියුම් මලු ටික පිළිවෙලකට තියාගන්න මෙතන පාලකය අසමත් බව පෙනෙනවා, කවුද මෙතන පාලකයා? මම තැපැල් ඇමතිනම් ඉස්සෙල්ලම මේ වර්ජකයෝ ටික ගෙදර යවලා මෙතනට හමුධදාව යොදවල ආරක්ෂාව දීලා වර්ජනයට සහභාගි නොවුන සේවකයන් සහ අඩු හරියට මෑන් පවර් සමාගමකින් සේවකයෝ අරගෙන පුද්ගලික කුරියර් සමාගම් වල උපකාරය ඇතුව ලියුම් ටික බෙදලා දමනවා, ඊට පස්සේ ඉන්න සේවකයන්ට ඔහොම ඉන්න ඇරලා අඩු හරියට මෑන් පවර් සේවකයන් කෙටි කලින් කොන්ත්‍රාත් පදනමක් ඇතිව තැපල් සේවයට බදවගන්නවා.