
(රංජන් කස්තුරි)
ලබන සඳුදා සිට යළි සේවයට වාර්තා කිරීමට වර්ජිත ගුරු - විදුහල්පතිවරු තීරණය කළ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද තීරණය කළේය.
ලබන 21 සිට සිසුන් 200 අඩු පාසල් විවෘත කිරීමට තීරණය කළ ද එම දිනවල පාලස්වලට නොපැමිණීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇතැයි ද එම වෘත්තිය සමිති සංගමය පවසයි.
ලබන 25 වැනිදා සිට පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කරන බව ද ගුරු වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේය.
වැටුප් විෂමතාව විසඳුම් ඉල්ලා ගුරු - විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම්වලින් ඉවත්ව අදට දින 99 කි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

COMMENTS
එ්ක හොඳයි. නැත්නම් රජයට යටත් වුණා වෙනවා... 21 වැඩපටන් ගත්තොත්... අපරාදේ නොවැම්බර් 1 ඉඳලාම ඕක පටන් ගත්තා නම් හරි නේ...
මේ මාසෙත් පඩි ගත්ත නේද ?
ස්ටාලින් ගොයියෝ කෘමිනාශක බෙහෙත් ටිකක් එවන්නද? කොහොමද අලියලගේ අපිලගෙ වෙඩ? වතුර බාල්දියක් වත් අපතේ ගියේ නැහැ. මහින්ද මහතා අත තිබ්බ අර ෂර්ට් එක හෝදන්නේ නැතිව තියාගන්න. පරම්පරාවටම බලන්න තියන්න.
නිසැකවම බඩු හම්බවීමට නියමිතව තිබූ නිසා මේපාර නම් කට්ටිය හොඳටම බය වුනා. 21 ආවොත් කුජීත වෙන නිසා 25 එනවලු. කමක් නැහැ කවදහරි එනව නම්.
කවුරුත් මොකුත් කියන්න එපා... පාඩුවේ වැඩේට ආපුවාවේ... අපි නම් දන්නවා ඕක තමයි අන්තිම තීරණය කියලා...
බොහෝ අය සිත් රිදවූවත් සිත් නොරිදාගෙන සේවයට එන්න. ඔබේ සටන ඉදිරියේ සමහරකගේ හැසිරීම අවධාරණයට ගෙන එලෙස නොවන ප්‍රජාවක් නිර්මාණය කිරීමට දායක වන්න. ස්තුතියි...
එහෙම නොකිව්වත් 21 ඉඳලම ගුරුවරු වැඩට යනවා. ඒ බව දැනගෙන දැං බොරුවට ප්‍රකාශ නිකුත් කරනවා. දැං සුබෝධනී හම්බ වෙලාද? නිකං සවුත්තු වුණා විතරයි.
මොකද එකපාරටම කැක්කුමක් ඇති වුණාද?
ගුරුවරුද? ගුරු හොරුද?
ගුරුවරු, ගොවියා සියලු උද්ඝෝෂණ දකින්නේ උතුරු නැගෙනහිර හැර අනෙකුත් පළාත් වල විතරයි. ඒ පළාත් වල අයට ගැටලුවක් නැතිව ඇති නේද ඒ පළාත්වල පාසල් ඉගැන්වීම් කටයුතු කරනවා ඔන් ලයින් හා ටියුෂන් දෙකම. ගොවියා ගොවිතැන කරනවා...
25 පඩි දිනේ.., ගුරු සිත නොරිදවා.. වේලාව නොවරදවා.. බැති පෙම් උපදවා.. වැටුප් ලැබදෙනු ඔලුව අතගා...
කොහොමත් බහුතර ගුරුවරුන් පාසල් එනවා. අදත් මට මුණගැසුණු ගුරුවරයෙක් මේ අයට පට්ට යනකල් බනිනවා. පඩිය ගන්නත් දුකයි කියලා කිව්වා. දේශපාලනයයි, අධ්‍යාපනයයි ගාව ගන්නේ ඉතින්... කවුද කියලා දන්නවනේ...
අවසාන ප්‍රතිඵලය කුමක් ද? පැහැදිලි කළ හැකිද? පටන් ගන්න දවස්වල නොයා පහුවෙලා සේවයට යන්නේ.. නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත.
බය වුණු අලුත් උපාධිදාරීන් 21 පාසල්වලට යවන්න ගත්ත තීරණය නම් හරි නෑ. අපි නම් කියන්නේ 25 එන්න එපා... රජයට පුළුවන් අලුත් ගුරුවරු බඳවාගෙන පාසල් කරගෙන යන්න.
සියලු ගුරු විදුහල්පතිවරු ඉතාමත් ගෞරවයෙන් හා සාදරයෙන් පිලිගනන්වා .ගොඩක් ගුරුවරු මේ වර්ජනයට කැමැත්තෙන් නෙවෙයි සහභාගී උනේ .3%-5% කට්ටියගේ බලපෑමට තමයි වර්ජනය මේ තරම් දුර ඇදගෙන ගියේ .රජයටත් ස්තුතියි ඉතාමත් ඉවසිලිවන්තව හිටියට .සමහර මෝඩ මන්ත්‍රීලා නම් පිස්සු කතා කිව්වා .එත් ඒවා ගණන් ගන්න එපා
මොනවා කරන්ඩද?ඔහොම යමු.
මහින්ද පිටට තට්ටු කරනවා දැක්කා ම අපිටත් හිතුනෙ මොකක් හරි වෙයි කියල .
ලොකු දෙයක්. තව කල් ඇද්ද නං අස්වීමේ ලියුම අතේ. දෙමළ මුස්ලිම් ගුරුවරුන් ඉගැන්නුවා. අපේ දරුවො ඇපේට ගත්තා . අනේ මට තේරෙන්නෙ නෑ අපි වඳින පුදන ත්‍රිවිධ රත්නයෙන් එක රත්නයක් මොකද වසංගතයක් අස්සෙ වැඩියෙන් පඩි ඉල්ලල පෙලපාලි යන්නෙ
ගරැතර ස්වාමීන් වහන්ස, ස්ටාර්ලින් සහ මහින්ද ඇතුලු වෘත්තීය සමිති නායකවරැණි,ලංකාවේ බහුතරයක් ගුරැවරැ තමන්ගේ අයිතිවාසිකම් ගැන කිසිවක් නොදන්නා පිරිසක්.කලාප කාර්යාල වල කම්කරැවන්ටත් සර් කියල ආමන්තණය කරන අය මම දැකල තියෙනව.එහෙම තත්වයක් තුල මේ ගුරැ සටන මෙතෙක් ඉදිරියට ගිය එක ගැන මටනම් පුදුමයි.දේශපාලනයට මම කොහෙත්ම කැමති නැහැ.මම සේවයෙන් පහ කරපු විදුහල්පතිවරයෙක්.එහෙම කලේ දකුණු පළාත් මහ ඇමති ෂාන්ට පාසල් ඉඩම ගන්න සහයෝගය පල නොකල නිසා.එහෙම තත්වයක් තුලත් එතුමාගේ අනුදැුම,ආරක්ෂාව සහ උපදෙස් පිට මගේ පාසලේ තිබුණු හෛාදම බිල්ඩිම අනවසරයේ ගලව ගෙන ගියා.එහෙම කලේ අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපති කමල් වැල්ලගේ විසින්. මේක ලොකු කථාවක්.අල්ලස් කොමිසමත්,පොලීස් කොමිසමත් මේ සියල්ල වසන් කලා.එහෙම තත්වයක් තුල ඔබලා මේ කරපු සටන නම් මට හරිම පුදුමයි.හැබැයි සත්‍ය කවදම හරි ජය ගන්නවා.මේ වෙලාවේ මම නම් ඔබලා දකින්නේ ගුරැවන්ගේ දෙවිවරැ හැටියටයි.දරැවන් වෙනුවෙන් තව දුරටත් සේවය කරන්න.සමහර ගුරැවරැන්ට තමන්ගේ අයිතිවාසකම් ගැන කියා දෙන්න.ගුරැ සටහන ජය වේවා.
තුන් වේල කන්න නැති මිනිස්සු ඉන්න රටේ ගෙදර ඉදන් පින් පඩි ගන් නැතිව වැඩට එන්න
පහුගිය තැපැල් ඡන්ද ප්‍රතිඵල තමයි ඔය උඩ තියන කමෙන්ට් වලින් පේන්නේ... මොනවා වුණත් ගුරුවරයා සොච්චම් පඩියකට කරන සේවය අගයන්න ඕනෑ..
එපා මහත්තයෝ.. තව ටික දවසක් රජයටම කර ගන්න අරින්න...
ගුරු වෘත්තීය සමිති නායකවරුණි, ඔබට අපේ ප්‍රණාමය. ඉදිරි ඡන්දයකදී ගුරු සවිය හොඳින් පෙන්වන්නට හැකිවේවි. කොහොමත් ලබන ඡන්දෙදී ඉල්ලුවත් නැතත් ගුරුවරුන්ගේ පඩිය වැඩි කරාවි. එතකොට කාට කාටත් කරුණාව පහළ වේවි.
බලය තියෙනවා නම්, ජෝෂප් ගාලු මුවදොරට ගෙනැල්ලා උල තියනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුටිටිආරච්චි කියනවා ඇහුණා. මට බලය තියෙනවා නම් මම තිස්ස කුටිටිව ගාලු මුවදොරට ගෙන්නලා ඇහේ ඉඳන් පට්ට ගහනවා. ස්ටාලින් මැතිතුමණි, මේ කියන කථා ගණන් අරං හිත රිදවා ගන්න එපා. කාට කෙසේවෙතත් ඔබ ඇතුලු වෘත්තිය සමිති නායකයින් අපට දෙවිවරුය...
ඇයි කවුරුත් කතා නොකරන්නෙ ගුරුහොරු අවුරුද්දෙන් මාස තුනක් පිං පඩි ගන්න බව දවසෙ රාජකාරි කරන්නෙ පැය පහමාරයි…! අපි පැය අටක් වැඩ සෙනසුරාදත් වරුවක් වැඩ. තව පඩි මොකටද…?
මෙම අරගලය සාධාරණීය කරනුයේ, "ගණිත, විද්‍යා, තාක්ෂණික" විෂයන් සඳහා දක්ෂ ගුරුවරු සොයාගැනීම පවතින වැටුප් තල යටතේ අපහසු බවයි. මේ බව වාර්ෂික විද්‍යා පීඨ බදවාගැනීමේ ලකුණු විශ්ලේෂණයෙන් දැක ගත හැක. සෑම ගුරුවරයකුම එකම වැටුප් තල වල තබා වැටුප් වැඩි කලද ඉහත ගැටලුව නොවිසදේ. මෙම ගැටලුව නිවැරදිව විසදීමට නම් උගන්වන විෂය, අධ්‍යාපන සුදුසුකම්, ඉගැන්වීමේ කුසලතා (ගෝලයන්ගේ විභාග ප්‍රතිඵල) අනුව තාක්ෂණිකව විශ්ලේෂණය කර නව වැටුප් තල හදුන්වා දිය යුතුයි. සේවා කාලය පමණක් සලකා යොදන පැලැස්තර විසදුම් නිසා කිසිදා සත්‍ය ගැටලුවට විසදුම් නොලැබේ. රජය කල යුත්තේ නිවැරදි ගැටලුව සමාජ ගතකර එයට නිවැරදි විසදුම් ක්‍රමවත්ව ලබාදීමට උත්සහ කිරීමයි.
මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද?
ඇයි ඉන්න රටක් තියෙන්නේ... මදිද.? වහල්කම ඉහටත් උඩින්.
පුදුම කම්මැලිකමක්... ටැක්ස් පේයර්ස්ලා මෙච්චර කල් පඩි දුන්නා මදිද?
21 තෙමුණු රෙදි හෝදගෙන 25 එමු ඉතින් නේද?
මහරාජා ස්ටාලින්ගේ පිට අතගෑවා නොවේ.. කොනිත්තලා තියෙනවා. පින්තූරෙන්ම පෙනුනා කොච්චර රිදුණද කියලා.. හරියට පූසෙක් වගේ... ඇස් දෙකේ කඳුළුත් තිබුණා. තව ඇදගෙන ගියොත් ඇඩ්‍රස් නැතිවෙනවා කියලා දන්නවා..
ගුරුවරු පීචන් වුණා ස්ටාර්ලින් සහ වෘත්තීය සමිති නිසා., සත 05ක් වත් වැඩියෙන් දෙන්න එපා. අවුරුදු 02ක් නිකන් ඉඳලා පඩිගත්තා. තව ඔන්ලයින් ටියුෂන් කරලා හොඳට හම්බකළා ගුරුවරු ටික. අවුරුදු 02ක් ගුරුවරු හිටියා... (මුහුණු පොත) FB වලිනුත් පඩිගෙව්වා...
මෙතන කවුරුවත් කතා කරන්නේ නැහැනේ.. ආණ්ඩුව වසර එකහමාරක් තිස්සේ මොකද කලේ කියලා ළමුන් වෙනුවෙන්? මොකද ගුරුවරු කරපු එකම ගොං වැඩේ ඔන්ලයින් කරපු එක. ඒකත් නොකළා නම් ස්ට්‍රයික් කියලා දෙයක් නැහැ. ගුරුවරු දිනුවත්, පැරදුණත් නැතිවීමට දෙයක් නැත. හතර අතේ අනාගත් පාලන ක්‍රමයේ අවසානය ඉතා ආසන්නයි. එතකොට මෙතන ගුරුවරුන්ට අවලාද නගන අය තමුන් මේ තත්ත්වයට පත්කළ සියලුම පාලකයින්ට අවලාද කරනවද? මොකද දැනටමත් තමුන්ගේ ළමුන්ගේ අනාගතය අඳුරු අගාධයකට ඇද දමා අවසන්...
අපිට ඉගැන්නුවා ගුරු දෙවිවරු... මේ ගුරු මැරවරු. අන්තිමට නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ කිව්වලු...
දැන් ඕකට කෑගහන්නේ නැතුව ගුරු ගෞරවය රැකෙන විදියට 25 වෙනිදටම පාසල් අරින්න. මොනවා උනත් ගුරුවරුනේ.?
කවුරුහරි වැඩි වැටුප් ඉල්ලනවා කියන්නේ ඒක අවසන් තේරුම බදු වැඩිකරන්න කියන එකයි.
තව ටික දවසක් හිටියනම් ස්ටාලින්ට වෙන දේ හීනෙන් පෙනිලද කොහිද වැඩේ අතැරලා දැම්මා
නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලු දෙකත් නැහැ. මෙච්චර කල් හිටියේ 9/1ක් අරන් 25 වෙනිදට වැඩට යන්නද?
තමන්ගෙ දරුවොනුත් මාස ගනන් ගෙදර නේද.. කිසි මහන්සියක් නැතිව ඒ කාලයට පඩියත් ගත්ත නේද. අන්න එතැනදි තේරෙනව නේද, මේ අරගල කරන්නේ දරුවන් අමතක කරල, කුරිරු අමනුශ්‍යයින්ගේ අදහස සපල කරන්න බව. එවන් මතයකින් කරන මේ මිලේච්ච ක්‍රියා කරන අය පරිස්සම් වන්න.
ඔවුනට ඕන "ගුරුවරුනට, දරුවන්ට මොනා උනත් කම් නැත" යන මතයෙ සිට, රඡය අපහසු තාවයට පත් කර, මහඡනයා භේද බින්න ඡනපති කම ගැනීමටයි.. ඒ වෙනු වෙන් අරගල කරන්නෙත්, ඒ 3% ට අයත් කොට්ඨාශයමයි පලාතෙන් පලාතට යමින්.. එක් ගොඩකට 5000 ක් රැස් උනත් පෙනෙන්නේ මහා විශාල පිරිස් ලෙසට.. ඒ වගෙමයි ෆේස්බුක් එකේ උනත්, ගිය වර සේම, ඒ 3% ම අදහස් දාන්නෙ "අපි ආයෙ මේ රඡයට ඡන්දෙ දෙන්නෑ" කියලා.. මැතිවරනයක් එනතුරු මේ සෙල්ලම.. අවුරුදු 55ක් තිස්සේම බැරි එක ආයෙ තව..?
මේ රට කාබාසිනියා කලේ වෘතිය සමිති සහ වැඩ වර්ජන. බොහෝ වර්ජන මෙහෙය වන්නේ දේශපාලන හස්තයන් විසින් නැටවෙන රූකඩ.
මේ මාසෙත් පඩි ගත්තා, හැබැ යි පඩි භාගයයි ගත්තේ, ඉතිරි භාගය මාස් පතා අවුරුදු 24ක් ම රජය විසින් හොරෙන් ගත්‍තා 2008 අයවැයෙන් ගුරුවරුන්ට වෙන් කළ මුදල් වලට මොනවා වුනා ද තවම නොදනි.