
(නිහාල් ජයවීර )
වෙඩි තැබිමකින් මරණීය තුවාල ලබා දින 9ක් ප්‍රතිකාර ලබමින් සිටි ඇතින්නක මියගිය බව ගල්ගමුව වන ජීවි කාර්යාලය කියයි .
ගල්ගමුව , මහනාන්නේරිය ප්‍රදේශයේ මහනාන්නේරිය මහා විද්‍යාලය පිටුපස ගෙවත්තක වැටි සිටියදී ඉකුත් තුන් වැනි දා මේ ඇතින්න සොයා ගත් බව වන ජීවි නිලධාරිහු පවසති .එදින සිට ඇතින්නට ප්‍රතිකාර කළ බවත් ,මරණීය තුවාල හා ආහාරපානාදිය ලබා ගැනීමට නොහැකි වීමෙන් ඇතින්න මියගොස් ඇති බවත් වන ජීවි නිලධාරිහු කියති .
අවුරුදු තිස් පහක් පමණ හා උස අඩි අටක් පමණ වන මේ ඇතින්නගේ ගෙල පෙදෙසට වෙඩි වැදී සුසුම්නාවට හානි සිදුව ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව වන ජීවි නිලධාරිහු පවසති .
වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් වන දිනුෂා සිල්වා ,ඉසුරු හේවා කෝට්ටගේ යන මහත්ම මහත්මීහු තුවාල ලබා සිටි ඇතින්නට ප්‍රතිකාර කිරීමට කටයුතු කළහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd