IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැඩ බලන පොලිස්පතිට ජනපති කොමිසමට එන්නැයි යළි නොතිසී


(දසුන් රාජපක්ෂ)

වගඋත්තරකාර පාර්ශවයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටින වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 7වැනිදා පෙනී සිටීමට එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා දෙවැනි වතාවටත් අද (3) නොතීසි නිකුත් කළේය.

මෙම ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටින ලෙස අගෝස්තු 31වැනිදා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නොතීසි නිකුත් කර තිබිණි.  ඒ මහතා අද කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස යළිත් නොතීසි නිකුත් කෙරිණි.

අසත්‍ය චෝදනා ගොනුකර දේශපාලනිකව පළිගැනීම සඳහා සිය රැකියාවෙන් නෙරපීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කර ඇති පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින සහකාර පොලිස් අධිකාරී කිංස්ලි ගුණසේකර මහතාගේ සාක්ෂිකරුවෙකු වශයෙන්, මීට ඉහතදී රැස් වූ මෙම ජනාධිපති කොමිසම හමුවේදී වැඩ බලන පොලිස්පතිවරයා වගඋත්තරකාර පාර්ශවයේ සාක්ෂිකරුවෙකු ලෙස නම්කර තිබුණි.

මෙම පැමිණිල්ල යළි කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොමිසමේ සභාපතිවරයා සී.ඩී වික්‍රමරත්න මහතාට ලබන 7 වැනිදා පෙනී සිටීමට නියම කර මෙම පැමිණිල්ල එදින කැදවීමට නියෝග කළේය.



අදහස් (0)

වැඩ බලන පොලිස්පතිට ජනපති කොමිසමට එන්නැයි යළි නොතිසී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site