සිංහල අලුත් අවුරුද්ද උදාවන හෙට (13 වැනිදා) රාත්‍රී 10.43 ට එළඹෙන අලුත් අවුරුදු වැඩ අල්ලන නැකතින් ඔබේ පැන්සල හෝ පෑන අතට අරගෙන රටක් වටින ඔබගේ, රටක් වටින කතාව, රටක් වටින පොතක් බවට පෙරලන්න යයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලා සිටී. අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහයෙවිමෙන්, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංවිධානයෙන් දියත් කෙරෙන "අකුරු කරන නිවාඩුවෙන් - රටක් වටින පොතක්" යන වැඩසටහනට අදළාව අධ්‍යාපන ඇමතියවරයා මෙම ඉල්ලීම කර සිටී.
“ශ්‍රී ලංකාවේ සිටින සියලුම පාසැල් දරු දැරියන්ට මා ආරාධනය කළා, රටක් වටින පොතක් ලියන්නට. ඉතින් මේ අලුත් අවුරුද්දේ නැකතට වැඩ ඇල්ලීමේ උතුම් ප්‍රාර්ථනාවක් සිත දල්වා ගෙන, දීප්තිමත් අනාගතයක මතු බලාපොරොත්තු පෙරදැරි කරගෙන, ඒ රටක් වටින පොතක් ලිවීමේ වීර පාරමිතාවට මුල පුරන්න කියා පියකු ලෙස මම ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි“ යයිද ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
“අලුත් අවුරුද්දක් උදාවෙනවා කියන්නෙ, ජීවිතය අලුතෙන් පටන් ගන්නටත් අවස්ථාවක් උදා වෙනවා කියන එකයි. සිංහල දමිළ අලුත් අවුරුද්දේ වැදගත් ම සංස්කෘතිකාංගයක් තමයි නැකත් චාරිත්‍ර. නැකතට වැඩ ඇල්ලීම ඒ අතුරින් සිසු දරු ඔබ සැමට ඉතා වැදගත්“
“මනුෂ්‍යත්වයේ අසිරිමත්භාවය කියන්නේ ඕනෑම, ජාතියක, ආගමක, සංස්කෘතියක යම් යහපත් ක්‍රියාකාරකම් භේදයකින් තොරව සැමරීමයි. එවැනි උතුම් මිනිස් ගුණාංගයක අවශ්‍යතාවය වෙනත් කිසි දිනකට වඩා වැඩියෙන් දැනෙන මොහොතක් මේ.“ යයිද ඇමතිවරයාගේ නිවේදනයේ සටහන් වේ.
අධ්‍යාපන, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ සංකල්පයකට අනුව "අකුරු කරන නිවාඩුවෙන් - රටක් වටින පොතක්" වැඩ සටහන ක්‍රියාත්මක වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ...හොඳ අදහසක්... තංගල්ලේ පවුල ගැනත් ... ඒකාලේ කරපු රස්සාව..ඒ කියන්නේ වලව් පවුල්වලට අයත් කුඹුරු වල වී,කුරක්කන් එකතුකරලා ඒ අයට ගෙනිහින්දිලා කියක් හරි ලබාගත්ත හැටිත්...ඊටත් පස්සේ පොලිසියටත්, අනිකා ගමේ සමුපකාරේ කරවල කිරන්නත්, අනිකා කොළඹ සරසවියේ පුස්තකාලේ වැඩටත්...ගියයි කියමුකෝ. පස්සේ කාලෙක මුන් ආණ්ඩුවේ මැති ඇමතිලා වෙනකොට මේ ගොල්ලෝ කැමතිවුනේ නැහැ පරණ මහා ගෙදර ගැන කියන්න. ඒ ගොල්ලන්ට හිතවත් පත්තර කාරයින් ලවා මහා ගෙදරට විශේෂණයක් එකතුකලා. ඒ තමයි " වලව්ව " කියලා. ඒ ලියව්ව එක පත්තර කාරයෙක් තමයි ඔය....
මාත් පොත් කිහිපයක් ලියන්ඩ හිතුවා. මහින්ද චින්තනය 3, සුනාමි යකා, දේශපාලුවගේ වගතුග කියලා.
මමත් පොතක් ලියනවා.. ඒකේ නම ‘‘ කොරෝනා සහන බෙදුවා වගේ‘‘
හරි දේ, වැරදි දේ දැකිය නොහැකි මානසික රෝගීන් කොපමණ සිටිනවාදැයි දැන ගැනීමය. මේ වටිනා ක්‍රියාවට දී ඇති අදහස්වලින් සිතා ගත හැක. මෙවැනි අමන මිනිසුන් සමඟ රටක් ඔසවා තැබීම බොහෝ අපහසු කාර්යක් වනු ඇත.
කොරෝනා ප්‍රශ්නයක් නැහැ.. අපිට ඡන්දෙට යන්න පුළුවන් කියපු මෙයා ගැන මොන නැකත්ද..?
ඔබතුමන්ලා අපිට පෙරළන පොත් තාම කියවගන්න බැරුව ඉන්නවා..
එහෙනම් මගේ පොත " හතේ හත වැදී, අයාලේ ගිය පර්සිගේ මුහුණ බැලූ සුනාමි දෙවියෝ සහ කෝවිඩ් දෙවියෝ .." කියලා රෙජිස්ටර් කරන්නකෝ...
මමත් පොතක් ලියන්න යන්නේ සුනාමියෙන් කොරෝනාවට කියලා. මම මෙහි මූලික වශයෙන් අඩංගු කරන්න හිතුවේ බොරු දේශප්‍රේමය තවරාගත් වංචාකාරයෝ අහිංසක ජනතාවට හිතක්, පපුවක් ඇති සැබෑ මිනිසුන් විසින් සකස්කර දෙන මූල්‍යමය ආධාර ගසාකන ආකාරයයි..
ඡන්ද රැස්වීමක් පවත්වන්න එපාද?
ලැජ්ජාවක් නැති හැටි...
මේවගේ කාලෙට ඔයවගේ උමතු අදහස් එනවා..
කිරි අප්පට බල්ලො පැනපි. ඉතාලිය, ස්පාඤ්ඤය, ඇමෙරිකාව වැනි රටවලට කෙළවුණේ මේවගේ කට්ටිය හිටියේ නැති හින්දා...අපිට පූරුවේ කළ පවකට මේ වගේ කට්ටිය ලැබිලා තියෙනවා. අනේ වාසනාවන්...!!!
ඔව්, ඔව්, මුලින් දේශපාලනයට ආපු පක්ෂය පාවාදීලා අනුන්ගේ රෙදි හෝදන එක ගැනත් පොතක් ලියන්න ඕනෑ..
"නාඩන් පුන්චි හිරමනේ" කියලා පොතක් ලියන්න ඉන්නේ...
දියවන්නාවේ මඩුව සහ වෙනත් කතා...
අනේ මගෙන් මුකුත් අහගන්න එපා. කොරෝනා කාර්ය සාධක බලකායවල්, ජංගම එළවලු, අාහාර ද්‍රව්‍ය අලෙවි රථ, තැපෑලෙන් බෙහෙත් ගෙදරට ගෙනත් දීම වැනි පට්ටපල් බොරු මාධ්‍ය හරහා ඇද බාලා, මාසයක් විතර අපිව නිවාස අඩස්සියේ දමලා, හම්බකරන් කන්න බැරුව සහ බෙහෙතක් වෙලාවට ගන්න බැරිව මිනිස්සු මැරෙනවා. අපිත් බලාගෙන ඉන්නේ ඡන්දෙ එනකන් කළගුණ සලකන්න. ඔබ වැනි දශක කිහිපයක් පාර්ලිමේන්තුවේ ලැගලා ජනතාවට පොත් පෙරලා පෙරලා ඉන්න බොරු කාරයන්ට රනිල්, රවී සහ ඩීල්දාස වැනි අයට පක්ෂ, පාට නොබලා ඡන්දෙදි කළගුණ සලකන්න අප සූදානම්...සහන මිලට බඩු බෙදන්න බැරි නම්, ග්‍රාමසේවක හරහා වසමේ පදිංචි සියලු දෙනාටම සතියකට රුපියල් 2000 බැගින් බෙදාපල්ලා.. අපි එතකොට කළු කඩෙන් බඩු ගන්නම්.., කෙහෙල් මල් අවුරුද්දකින් අපට වැඩක් නැහැ. මුලින්ම අපි හාමතේ නොසිට ලෙඩරෝග වලින් වැළකිලා ඉන්න ඕනේ...
ඔව්, අපි ලියන්නම්.., ඔයාලට බැරියැ පොත් පෙරලන්න... හැමදාම කළේ ඒකනේ...
මම ලියනවා පොතක් 'ශ්‍රී ලංකා වේ මරා කාණ්ඩයේ(පවුලේ) වයිරස් -(06/20)'. සියළු ලාංකිකයන් එය කියවා ඉන් ගැලවීමේ මගක් සොයාගනු මැනවි.
හොඳ අදහසක් ... මමත් ලියනවා. හෙල්පින් හම්බන්තොට අතීතය ගැන. මහා පරිමාණ වංචා විමර්ෂණ කොමිසමෙන් දුන්නු නිර්දේශය ගැන.. අලුත්ම කතාව කොරෝනා සහන අරමුදල ගැන.. මිනිස්සුන්ගේ පොත් ගැන ඇතැම් අය නොදන්නවා වුණාට මොලේ ඇති මිනිස්සු දන්නවා. අවුරුදු ගාණක් කාපු කෑම රටම දන්නවා.
අවුරුදු නැකතින් වැඩ අල්ලන මෙවර පොතක් ලියන්න සිතන අයට මාතෘකාවක්: "මෙච්චර කාලයක් අවුරුදු නැකතින් වැඩ ඇල්ලුවත් වගතුවක් නැති මගේ පොත.
පුතාණෝ හොයාගත්ත රහස් බෙහෙත් වට්ටෝරුව ගැන පොතක් ලියමු...
පොත් ලිවිම නොවේ. ජනතාවට පොත් පෙරලීම නැවත්වීමට ඔබ අලුත් අවුරුද්දෙදි අධිෂ්ඨාන කරගන්න.
මගේ මාතෘකාව " අවුරුදු 72 සාපය "
අධ්‍යාපන, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය..... මේ අර චන්දෙ අස්සේ රැස්වීම් තියපු මහත්තය නේද?
ලියනවනම් ලියන්න තියෙන්නේ දුෂිත බලලෝභී බඩගොස්තරවාදි දේශපාලුවන්ගේ පැටිකිරිය ගැන. මොනතරම් දේවල් තියෙනවද ?
ඔය කියන ඉතිහාසේ අද දන්නේ කියෙන් කීදෙනාද? ඩලස් පොත් පෙරල පෙරලා...බඩ පිලුම් ගගහා රටේ මෝඩ මිනිස්සුන් රවට්ටනවා. අනේද කියන්නේ ?
ඡන්ද පෙරේතයෝ.. කියලා ලියන්න හිතාගෙන ඉන්නේ.
හොඳ වෙලාවට කිව්වේ. කල්පනා කර කර හිටියේ මොනවා කරන්නද කියලා..... බැරිද කවුරු ගැනද ලියන්න ඕන කියල කිව්වා නම්..
පොත් ලියන්න නෙමෙයි . පොත් පෙරළන්න තමයි හිතන් ඉන්නේ.
අදහසේ වරදක් නැහැ. නමුත් දේශපාලකයා මේ අවස්ථාවේදී කළයුත්තේ ගම් මට්ටමින් ජනතාවගේ ප්‍රශ්න සොයාබලා ඒවාට පිළියම් යෙදීමයි.
ලියන්න පොත් නම් තිබෙනවා, රජපවුලට ලැබුණ සුනාමි ඉල්ලම, මහරජුගේ උකුණෝ, ආප්පසේන සහ ඩිල් දාස... වගේ නම්...
මගේ පොතේ නම ‘කොරෝනා අස්සේ බහිරවයා ඡන්දෙ කරා වගේ..‘
ඔහෙලා දාන පොත්වලට ගහන්න තරමට පොත් ලියන්න නම් කොරෝනා, නොනගත කාල සීයක් තිබුණත් මදි, මහත්තයෝ. මේක දේශපාලන කටයුත්තක් හැටියට හිතාගෙන පොත් ලියන්න කාටද වුවමනාව තිබෙන්නේ? රටේ ජනතාවට ඊට වඩා දැවෙන ප්‍රශ්න තිබෙන බව මේ දේශපාලුවන්ට නොපෙනෙන්නේ ඔවුන්ට මේ රටේ තිබෙන වසංගතයටත් වඩා දරුණු වසංගතයක් හැදී තිබෙන නිසාද? කිරිබතක් උයාගන්න සහල් කිලෝවක් හොයාගෙන, පරිප්පු ග්‍රෑම් කිහිපයක් එක්ක සැමන් ටින් එකක් ගන්න තියෙන්නේ රජය කරවන අයගේ කතා පෙට්ටි ඇතුලේ කියලා මගේ ආච්චි කියනවා. හැඹිලිය හිස්කරගෙන සාගත මල්ලට ඔය ටික දැම්මත් මල්ලේ පතුල තවමත් පේනවා කියලා උන්දැ කියනවා ! කොහොම වුණත් රටම මළ ගෙයක් කර දහස් ගණනක් අසරණ ජනතාව මුහුදු ජලයට බිලිකරපු සුනාමියත්, මුළු රටම නිවාස අඩස්සියට පත්කරපු මේ චීන කොරෝනාවත් ස්වභාවික විපත්ති වුනත් දේව සාප හැටියට රටවැසියාට දායාද කලේ මොන පාලන කාලවලදීද කියා එම පොත්වල අනාගත පරම්පරා වෙනුවෙන් සටහන් තැබිය යුතුවෙනවා.. මේ ව්‍යවසන වෙනුවෙන් දේශීය විදේශීය දානපතියන් කරපු පරිත්‍යාගයන් ගියේ කොහේද, යන්නේ කොහේද කියා හොයා බලන්න.. තවත් ජනාධිපති කොමිසම් කීයක් පත්කරත් රටට දැනගන්න හැකි වේවිද?
පොතට දමන්න මෙන්න තවත් නමක් " සාටකයේ එල්ලී ගොඩ ගිය කතාවස්තුව "
පොතක් ලියන්න ඉන්නෙ "මුස්පෙන්තු නායකයා" කියලා. බලයට ආපු දවසෙ ඉඳලා මිනිස්සුන්ට කැඳත් නැහැ.
ඩලස් කියන්නේ කයිවාරුකාරයෙක් විතරයි.
225 ගැනද.?
"කොරෝනාගේ ඇදිරිය" නමින් පොතක් ලියන්න.