(යොහාන් භාසුර)
රජයේ පාලන මිල ඉක්මවමා සහල් අළෙවි කරන පුද්ගලයන් සඳහා වන දඩ මුදල රුපියල් ලක්‍ෂයක් දක්වා ඉහළ දැමීමට නීති සංශෝධනය කරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සහල් පාලන මිලට අළෙවි කරන්නන්ට දඩය ලෙස රුපියල් 2,500 ක් ගෙවීමට නියම කරන නීති රෙගුලාසි ඇතුළත් පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ විධිවිධාන සංශෝධනය කරන බවත් රජය විසින් නියම කරනු ලබන උපරිම සිල්ලර මිලගණන් අළෙවි නොකරනු ලබන අවස්ථාවලදී ඔවුන්ට රුපියල් 100,000 ක දඩයක් පැනවීමට නීති ගෙනෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
එසේ වන අවස්ථා ගණන අනුව වැඩිවන දඩ මුදලක් නියම කරමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය නීති රෙගුලාසි ඇතුළත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරී පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොළොන්නරුවේ ඔහේලගේ යාලුවෙක් ඉන්නවා. ටිකක් හොයලා බලන්න. එළවළු වෙළෙන්දන්ට කණ පැලෙන්න ගහන්න හදපු පාරිභෝගික කටයුතු අධිකාරියේ ලොක්කෙක් ඔහේලගේ යාලුවා ළඟට ගිහින් නගුට වනවනා ඉඳලා ආපහු ආවා. එයා ගැන හොයන්න.
කොහොමත් ඉතින් කොයි වැඩෙනුත් වැඩ හරියන කට්ටියකුත් අනිවාර්යෙන්ම සිටීවි...
දැනුත් රුපියල් 125 ගානේ ගමේ කඩෙන් නාඩු කිලෝ 2ක් ගෙනාවා. බත්පතෙන් ජනතාව සූරාකන හාල්මෝල් කාරයින් දෙතුන් දෙනාටත් සුරංගනා ලෝකයක් මවාපාලා අපේ ඡන්ද අරන් අද වැජඹෙන පාලකයින්ටත් උඩ වැඩ සිටින දෙවියන් දඬුවම් දෙන්න කියලයි කියන්නේ...!!!
කොහොමහරි රටේ බඩුමිල ස්ථාවර කරන්න. නැතිනම් කවදාවත් ආයෝජකයෝ එන්නේ නෑ කිසිම දෙයක් කරන්න.
අපේ අයට පුළුවන් බුරන්න විතරයි.. හපන්න බැහැ. මොනවා කළත් අද මාකට් එකේ සම්බා මිල 200 පැනලා. මට නම් මතක නැහැ මීට කළින් සම්බා 200ට ගිහිල්ලා...
මේකත් අර 12.5 kg ගෑස් සිලින්ඩරය ගැන කියන කතා වගේ තමයි
මු තුමන්ලා කියන දේවල් දැන් බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ. බොරුවට පාලන කාලය ගෙවල දාන්න බයිලා විතරයි.
ආර්ථික ඔස්තාර්තුමා නානාප්‍රකාර කතා නම් කියනවා. හරියට වැඩක් කරපු බවක් නම් පේන්න නැහැ. වතාවක් කිව්වනේ සක්කරයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩු කරන්න බැහැ කියලා....
නොහැකියාව තමයි මේ...!!!
එකටත් සුපිරි ගැසට්ටටුක්
මැසිවිලි කිය කියා කටමැත කියන්නේ කිසි අර්ථයක් නැතිවම බණ දෙසන්නේ ඇසි පියවිල්ලකින් කී දෙය නොදන්නේ අසිරිය බලාපන් "වියතෙකි" දොඩන්නේ
උපරිම සහල් මිල කතාවට ගැසට්ටුවට පමණයි. වෙළෙඳපලේ මිලගණන් සාමාන්‍ය සහල් වර්ග කිලෝවක් රුපියල් 125 ක් වෙනවා.
පොලොන්නරුවේ සිරිිලියට තද වුණොත් හාල් ගැන කතා කරන අයට දුවන්න පාර මදි... ඕං ඇත්ත..
මෙයා මොනවද මේ කියන්නේ... සුදු කැකුළු සම්බා කිලෝව 199/- ලැජ්ජාවක් නැහැ. මෙයාට කොන්දක් තිබේ නම් ඩඩ්ලිගේ මාෆියාව නවත්වන්න කියන්න වැල් බයිලා නොකියා.