(ඉන්දිකා රාමනායක)
බාලයවස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවාස සහ ස්ථාන සොයා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බස්නාහිර පළාත සහ කොළඹ නගරය ආශ්‍රිතව මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය.
ළමා හා කාන්තා කාර්යාංශයේ සහ ප්‍රජා පොලිස් ඒකකය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.
බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා කෲරත්වයට පත් කිරීමේ සිද්ධීන් ගණනාවක් ම පසුගිය දින කිහිපය තුළ වාර්තා වීමත් සමඟම මෙම පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කළේය.
බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීම සහ කෲරත්වයට පත්කිරීම අපරාධමය වරදක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් මතක් වුණු එක හොඳයි. ඒත් කී දවසකටද දන්නේ නැහැ...
මෙහෙකරුවන් සිටිනුයේ ධනය, බලය ඇති ඇත්තන්ගේ ගෙවල්වල නේද? ඉතින් කරයි කෙන්ගෙඩියක්...
බාලයවස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවාස සහ ස්ථාන සොයා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ජනතා මුදල් වැය නොකර බාලයවස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා සිටින දරුවන් පැය 24ක් ඇතුළත ළඟම තිබෙන්නා වූ පොලීසිය වෙත රැගෙන එන මෙන් දන්වා මාධ්‍ය ප්‍රකාශයක් කළ යුතුවේ. එමෙන්ම බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවය සඳහා ලබාදී තිබෙන්නා වූ වැඩිහිටියන් හෝ දෙමාපියන් හට පොදු දුරකතන අංකයක් ලබාදී පැය 24 ම විවෘතව තබා එයට කතාකරන මෙන් දන්වා මාධ්‍ය ප්‍රකාශයක් ලබා දුනහොත් බොහෝ කරුණු පොලිසිය වෙත ලබාගැනීමට හැකියාව පවතී...
යමක් වෙන්න කලින් මෙයාලාට වළක්වන්න හැකියාවක් නැහැ .පාස්කු ප්‍රහාරය ,මේ ළමයාගේ මරණය ,සිරකරුවෝ ආයුධ පෙන්වන්න ගියාම ඇතිවන මරණ
හොයන එක නම් හොඳයි. අහුවුණු කෙනාට දඬුවම් ලැබෙයිද? අනෙක් අයටත් ආදර්ශයක් වෙන විදිහට... අන්තිමට මැරුණු දරුවා වැරදි වෙයිද?
බොරු බෞද්ධකමටයි, උද්දච්ඡකමටයි තමයි වැඩ වෙන්නේ... වෙහෙර විහාරස්ථාන සහ පිරිවෙන් වල සිදුවන අපචාරයන් ගැන කතා නොකර ඉන්නේ ඇයි?