
(කේ.බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ පැවැත්වෙන කොරෝනා එන්නත් මධ්‍යස්ථානයට යන පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් මීගොඩ වැටරැක දුම්රය ස්ථානය ආසන්නයේදී මුහුණට මුහුණ ගැටීමෙන් මාස හතරක දැරියක ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මීගොඩ සෝමරත්න මාවතේ පදිංචිව සිටි ප්‍රියානි චන්දිකා (57) ඇයගේ මිණිපිරිය වන කේසි විරසිංහ ( මාස 3) ත්‍රීරෝද රථ රියදුරු වන පාදුක්ක වටරැක පදිංචි ඩි සිරිනන්ද (49) නමැති තිදෙනෙකි.
දැරියගේ මව වූ 36 හැවිරිදි සචිනි සමරසේකර තුවාල ලබා ඇති අතර ඇය කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. ඇගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
තිරෝද රථය පාදුක්ක දෙස සිට ගොඩගම දෙසට ධාවනය වෙමින් සිටියදී ගොඩගම සිට පාදුක්ක දෙසට ධාවනය වූ ලොරි රථය තිරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රි රෝද නිසා රටේ ප්‍රශ්න හුඟාක් විසඳෙන පාටයි. ඒ නිසා වෙන්න ඇති මේ මාරාන්තික ත්‍රිරෝද මාරයා පාරෙන් ඉවත් නොකරන්නේ...
ත්‍රී රෝද රථ පදවන බොහෝ දෙනා ඒවා පදවන්නේ මහපාර තමන්ට පමණක් අයිති දෙයක් කියල හිතාගෙන. අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුව මේකයි.
කිසිම ආරක්ෂාවක් නැති නිකං ටෙන්ට් රෙද්දකින් වටවුන වමෙනුත් දකුනෙනුත් නැතිව මැදින් එලවන පිටි පස්සක් පෙනෙන් නැති ඉස්සරහ එකාට විතරක් එලියට පැනගන්න හැකි යන්තං හැරවුනත් පෙරලෙන රටේ නූගතුන්ම බහුතරයක් කුලියට එලවන මේ කරුම මාරයා අපේ රටින් අතුගාල දානකන් දිනපතා මෙවන් අනතුරු මරණ තියේවි. ඉස්සර කා ටැක්සි කාලේ, වැදගත් මිනිස්සු මේ රස්සාව වගකීමකින් කලා.