(ඩයනා උදයංගනී)

සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද  විටින් විට වැසි හා බස්නාහිර, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.