IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විජයදාසට - රතන හිමිට එජාපයෙන් විනය පරීක්ෂණයක්

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ මහතාට සහ අතුරලියේ රතන හිමියන්ට විනය පරීක්ෂණ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවැසීය.

පක්ෂයේ විනය කඩ කිරීම යන චෝදනාව යටතේ මොවුනට විනය පරීක්ෂණ පවත්වන බව කී නිශ්ශංක නානායක්කාර මහතා හෙට (30) සිට අදාළ විනය පරීක්ෂණ ආරම්භ වන බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහරගම ආසනයට තරඟ කර තේරීපත්වූ අතර අතුරලියේ රතන හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්විය.



අදහස් (14)

විජයදාසට - රතන හිමිට එජාපයෙන් විනය පරීක්ෂණයක්

Bamunuarachchi Thursday, 29 August 2019 04:17 PM

විනය පරීක්ෂණ තියලා මොනා කරන්නද? මේ බව නොදැනද මේගොල්ලෝ ක්‍රීයා කලේ. එජාපෙ එපාවෙලා තමයි මේගොල්ලෝ කටයුතු කලේ.

:       130       106

විනිවිද Thursday, 29 August 2019 04:26 PM

විජයදාස රාජපක්ෂ මහතාට සහ අතුරලියේ රතන හිමියන්ට විනය පරීක්ෂණ කොට මොවුන් දෙදෙනා පක්ෂයෙන් නෙරපා දැමිය යුතුය. මොවුන් දෙදෙනා කෙසේවත් යලිත් එජාපයෙන් නාමයෝජනනා පමණක් නොව ජාතික ලිස්තුවෙන් පවා පාර්ලිමේන්තුවට යැවීමට සුදුසු නොවේ. මොවුන් වෙනුවට උගත් අලුත් තරුණ ක්‍රියාශීලි නවක යන්ට අවස්තවක් දීමට පක්ෂයට අවස්ථව උදාවී ඇත.

:       200       368

suddaFriday, 30 August 2019 07:20 AM

පක්ෂයේ 18ක් අරන් ගිහින් ආපහු තනියෙන් ආව කරුටත් විනය පරීක්ෂණයක් තියන්න. නවීනුත් ගිහින් ආවා. තව කවුද?

:       8       115

saleeFriday, 30 August 2019 08:32 AM

මොනවද මේ කතා ?

:       2       10

මල්ලී Thursday, 29 August 2019 04:50 PM

මුල් කාලයේදී කලානම්, එජාප ගමන මීට වඩා හොඳ වෙන්න තිබුණා

:       152       404

chandima Thursday, 29 August 2019 06:26 PM

තවම රටේ විධායක ජනාධිපති වෙන්න තියා හිතන්නවත් බැරිඋනා. එත් දැන් හාමුදුරුවන්ගේ විනය හොයන්නයි යන්නේ. බැරිවෙලාවත් විධායක බලතල අතට ගත්තොත් බුදුහාමුදුරුවන්ටත් විනය පරීක්ෂණ තියයි.

:       316       426

Udaya Thursday, 29 August 2019 06:53 PM

ගමේ යුඑන්පි කාරයෝ කැමති සජිත්ට අපිත් හොද යුඑන්පි කාරයෝ රනිල් ඉන්න තාක් කල් අපේ ඡන්දේ දෙන්නේ නැහැ

:       124       35

Gamarala Friday, 30 August 2019 02:18 AM

කිසිම දේකට සැලෙන්න අවශ්‍ය නැහැ.

:       1       5

රවින් Friday, 30 August 2019 02:50 AM

පරක්කු වැඩි නැද්ද? මොනම පක්ෂයක උනත් විනයක් තිබිය යුතුය. තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැමටම තිබෙන බව ඇත්ත. නමුත් තමතමන්ගේ ආයතනය කුමක් වුවත් එහි විනයක් තිබිය යුතුය. විනයක් නොමැති තැන ආයතනයක් නොමැත.

:       146       83

San80 Friday, 30 August 2019 03:39 AM

විජයදාස දැන් මොන පක්ෂේද? පනින පනිල්ලට මතක තියාගන්නත් අමාරුයි....

:       137       306

kamal Friday, 30 August 2019 07:27 AM

බෞද්ධ භික්ෂුවක් භාජනය විය යුත්තේ විනය පිටකයට පමණයි. මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ, සිල්ලෝම ගිහියන් නිසා.

:       21       62

නොකවුට් Friday, 30 August 2019 09:02 AM

දැන් එතකොට ශ්‍රී ලංකා එකෙන් යූ. එන්. පී එකට පැනපු අය යූ. එන්. පී එකේනේ ඉන්නේ. තමන්ගේ පක්ෂයේ එහෙම අය තියාගෙන විනය පරීක්ෂණ කරනවා. ආදර්ශයක් දෙන්න ඕන තමන් එහෙම විනය පරීක්ෂණයක් කරන කොට. වෙන්න ඕන කාටවත් පක්ෂ මාරු කරන්න බැරි වෙන්න පනතක් සම්මත කර ගන්න. ඕක කවදාවත් වෙයි කියලා නම් හිතන්න බෑ. මොකද හැමෝම එහෙම පක්ෂ මාරු කරන නිසා.

:       0       17

Bamunuarachchi Friday, 30 August 2019 09:42 AM

බෞද්ධ භික්ෂුවක් විනය පිටකයට පමණක් භාජනය වුණානම් අර හම්බ ආණ්ඩුකාරයා තාමත් එතන. බෞද්ධ භික්ෂුවක් ඔහේගේ පාංශුකූලේට ගෙන්න ගන්නේ නැද්ද?

:       0       1

Sugath Premalal Saturday, 31 August 2019 04:37 AM

ඇත්ත කතා කරොත්, කෙලින් වැඩකලොත් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකරන්නේ මෙහෙමයි. බොරුව, වංචාව, හොර මැරකම්වලට නම් එක්සත් ජාතික පක්ෂය හිසනමා ආචාර කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site