(රංජන් කස්තුරි)
අප්‍රේල් මස 21 වැනිදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5 ක් විභාග වෙමින් පවතින හෙයින් සබ් - ජුඩිස් රීතිය අනුව පාර්ලිමේන්තුව විසින් හෝ එහි කාරක සභාවක් විසින් ඒ පිළිබඳ සාකච්ඡා කළ නොහැකි යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයා වෙත ලිපියක් යවමින් සඳහක් කර තිබේ.
කාරක සභාව තුළින් රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු හෙළිදරුව් වීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කිරීම බරපතල කරුණකැයිද එමගින් අනාගතයේදී සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ පුර්ණ වගකීම කතානායකවරයාත් ආණ්ඩුවත් බාරගත යුතු යැයිද විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.
එම ලිපියේ මෙසේද සඳහන් වේ



COMMENTS
ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කාරක සභාවක් විසින් සිදු කරන සාකච්ඡා මා රූපවාහිනියෙන් දුටුවෙමි. එහි රටේ අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කිරීමට තරම් රහස්‍ය කරුණු සාකච්ඡා වුවා යයි මා සිතන්නේ නැහැ. අද රටේ ආරක්ෂක තත්වය '50 ගණන් වල තිබු තත්වයට වඩා බෙහෙවින් දියණු බැවින්, මේ ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වුයේ මන්ද යන්න ගැන රටේ ජනතාව දැනුවත් කිරීමට මෙවැනි සාකච්ඡා ප්‍රසිද්ධ මාධ්‍යය තුලින් ප්‍රචාරණ කිරීමේ වරදක් නැහැ. එබැවින්, මා සිතන්නේ විජයදාස රාජපක්ෂගේ අදහස යල් පැන ගිය අදහසක් බවයි.
ජනතාවට සත්‍ය අවබෝධ කරගැනීමට ඉඩ ඇහිරී තිබෙන හැටි. සියල්ලොම හොරෙන් වැට පනිනවා සේය.
විජේදාස මහතාට මේවා මහජනතාවගෙන් හංගන්න තියෙන උවමනාව මොකක්ද? පාර්ලිමේන්තුව අධිකරණය දෙකම මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් තියෙන්නේ. මහජනතාවට ඉහළින් නෙමෙයි. කවුරුත් නඩත්තු කරන්නේ මහජන මුදලින්.
ඔය කියන එක්කෙනෙක්වත් අහිංසකයින් 300 ක ගේ ජීවිත රැකගන්න වැඩක් කලේ නැතිනම් මේ රටේ මහා ජනතාව වන අපිට ඔය කෙස් පැලෙන නීති තර්ක ප්‍රශ්න වලින් පලක් නැත. කවුරු කවුරුත් කාට කාටත් කඩේ යන එකෙන් මහා ජනතාවට කිසිදු යහපතක් නොවේ. කඩේ යන අය කඩේ ගියාවේ. එය ඔවුන්ගේ අයිතියකි. එම නිසා ගරු කතානායක තුමා පත් කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නොකඩවා මේ රහස් විමර්ශනය කර රටට හෙළි කල යුතුයි යන්නයි මහජන මතය වන්නේ. සිදුවූ දේ සැගවීමට හේතුවක් නැත.
කාලයෙන් කාලයට ඉහල අත්තක් රකින්න නීති පොත පෙරලනවා .
විජේදාස ට නීතිය මතක් වෙන්නේ ඔහු ළඟ සිටින කෙනෙක්ට පහරක් වදින්න යනකොට තමයි.
මේ විජේදාසගේ ඉතිහාසයම කාට හරි කඩේ යන එක පුරුද්දක් වෙළා. පහුගිය ආණ්ඩු පෙරලී කුමන්ත්‍රනයෙදීත් ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිය එක සාධාරණ කළා. එකත් ඔහුගේ මුලිකත්වයෙන් යෝජනා කළ හා සම්මත කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කළා. පසුව ගරු අධිකරණය විසින් තීන්දු කළා ඔ වැඩ ව්‍යවස්ථා විරෝධී බව. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූරයෙන් ඔහුව නෙරපාහැරිය. ඒ මොහොතේ ඔහු කිව්වා මහ බැංකු වංචාවට හවුල් ආණ්ඩුවේ සහ හම්බන්තොට වරාය චීනට විකුණපු ආණ්ඩුවේ ඉන්න ඔහුට ලැජ්ජයි කියල කිව්වා. ඔන්න ටික දවසකින් අගමැතිට විරුද්ධව විශ්වාස භංගයේදී අගමැතිට පක්ෂව ඡන්දය දීල, නැවතත් ඔහු විසින්ම විවේචන කළ රනිල්ගේ කැබිනට් එකේ ඇමති වුණා.
මේවගේ දේවල් ඔස්ට්‍රේලියාවේදී අත්‍යවශ්‍ය තැනදී ප්‍රචාරය කරනවා නමුත් කිසිමදාක ඒ සම්බන්ධ අයවලුන්ගේ හඬපට හෝ පින්තුර හෝ දාන්නේ නැහැ, හේතුව, මේවට සාක්කි දෙන්න එන නිලධාරීන්ව අඳුනාගෙන ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට අනතුරු කිරීම හෝ තර්ජනය වීම වලක්වන්න. ඒ අනතුරු සහ තර්ජන මගින් ආරක්ෂක කටයුතු නවත්වන්න පුළුවන්. හොඳම උදාහරණය අපේ මිලේනියම් සිටි. අපේ රට ඉතින් දියුණු නිසා හිතනවා අපිට ඔක්කොම පුළුවන් කියලා. ලකුණු ගන්න ටීවී වල දානවා හැබැයි ඒක බලන් ඉඳලා ත්‍රස්තවාදියා වෙනත් ක්‍රමයකින් වැඩේ දෙනවා. එතකොට කෑගහනවා බෝම්බ දැම්මෝ කියලා. ඔස්ට්‍රේලියාව පමණක් නෙමෙයි අපේ රට වඳින පුදන ඇමරිකාවවත් කටේ කෙල හොල්ලන්නෙ නැහැ ඔය අවස්ථාවලදී. ඉතින් ඔය ටික නොදන්නා රජයක් ගැන කියන්න තිබෙන්නේ ඕනෑම ගොනෙකුට ආණ්ඩු කරන්න පුළුවන් කියල විතරයි.
විජේදාසට ඕනේ මොනවහරි හංගන්න.
පාර්ලිමේන්තුව උත්තරීතරයි...... ජනාධිපති නීතිඥ නොදන්නවාට.......
මෙවායෙන් තක්කඩි දේශපාලුවන්ගේ රෙදි ගලවෙනවාට මුන් බයේ. එකයි.
ඩීල් දාස
විජේදාස මහතාණෙනි, ඔබ කියනදේත්, මහින්ද කියනදේත්, විමල් කියනදේත් සාවධානව අසන මිනිස්සු බොහොමයක් ඇත. එ්ත් මෙතන නැත. එය ඔබට ප්‍රශ්නයක් නොවෙයි...
ඔය ඔක්කොමලා උඩ පැනලා අත්සන් ගහලා යවලා මේ තේරීම් කාරක සභාවක් ඉල්ලුවා..! දැන් එකඑක බයිලා..! විමල් වීරවංස මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඔක්කොම සුල මුල හොයාගෙන තියෙන්නේ..! අර රිෂාඩ් බදියුදීන් එයාගේ අභියෝගය බාරගත්තු ගමන් එළියට දානවා ඔක්කොම...! එ්කනිසා එක අතකට ඔය මොකවත් හොයන්න අවශ්‍ය නැහැ..!
ඇත්ත තිත්තයි