
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල )
උතුරු පළාත් මහ ඇමතිවරයාව සිටියදී ,අභියාචනාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකු වන බී.ඩෙනීෂ්වරන් මහතා ගොනු කර තිබූ පැමිණිල්ල එම පැමිණිලිකාර පාර්ශවය විසින් අද (16) අධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.
ඒ අනුව එම පැමිණිලි විභාගයද අවසන් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
දෙපාර්ශවයේ ඇතිවූ එකඟත්වයක් මත පැමිණිල්ල ඉල්ලා අස් කර ගනු ලැබූ අතර අධිකරණයෙන් ඊට අවසර ලැබිණි.
මෙම පැමිණිල්ල මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනි.
උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී.ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබිණි.එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ඒ මහතා නැවත අමාත්‍ය තනතුරේ පිහිටුවන මෙන් උතුරු පළාත් මහ ඇමතිට එරෙහිව ඉකුත් ජුනි 29 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය.
එම නියෝගය පරිදි තමා අමාත්‍යධූරයෙන් පිහිටවීම ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා සිය පැමිණිල්ල මඟින් සඳහන් කර ඇත්තේ තමා අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළ බවය.ඒ අනුව තමන්ව නැවත අදාල අමාත්‍ය ධූරය පිහිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බව ද ඩෙනිස්වරන් හිටපු අමාත්‍යවරයා පෙන්වා දේ.
නමුත් එම නියෝග ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැහැර හැරීම තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද හිටපු අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් අධිකරණයට පෙන්වා දේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ .කන ඊශ්වරන්ද , උතුරු පළාත් අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් වෙනුවෙන් නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතාද පෙනී සිටියහ.
2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1144
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල ඉල්ලා අස් කරගනී
sunanda Thursday, 17 September 2020 03:29 AM
සිංහලයන්ට ඉගෙන ගන්න දෙයක් තියෙනවා මෙතන..