IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


වගකීමෙන් කටයුතු කළ ජනතාවට “ස්තුතියි’’

(සුජිත් හේවාජුලිගේ)

නිරෝධායන ඇඳිරි  නීතිය ක්‍රියාත්මක කෙරුණු කාල සීමාවේදී වගකීමෙන් කටයුතු කළ ජනතාවට තමා ස්තූතිවන්ත වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

ජනතාව සංචරණ සීමා කරගනිමින් කටයුතු කිරීම  නිසා කොරෝනා  තත්ත්වය යම් මට්ටමකට පාලනය කර ගැනීමට හැකිවූ බවද  හෙතෙම සඳහන් කළේය.

රට විවෘත කර ඇතත්  රාජකාරි හෝ අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට නිවෙස්වලින් බැහැර නො යන ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු හඳුන්වාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන්  සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ඉදිරියට ගෙන යනවාද නොඑසේ නම්  ලිහීල් කරනවාද යන්න  සම්බන්ධයෙන් තව සති දෙකකින් පමණ සමාලෝචනයක් කරන බවද  ඔහු පැවසුවේය.



අදහස් (1)

වගකීමෙන් කටයුතු කළ ජනතාවට “ස්තුතියි’’

මහසෙන් Friday, 01 October 2021 05:49 PM

ඔබලාටත් බොහෝම ස්තුතියි. සංචරණ සිමා, ඇඳිරි නීතිය වගේ වචනවල තේරුම අපිට කියලා දුන්නාට. ඒ වගේම රෝගීන් අඩු වුණා කියනවනේ... මරණත් අඩු වුණා කියනවානේ. මේ අඩුයි කියලා වාර්තා කරන මරණ වලට හේතුව තවම බෙහෙත් විද්ද නැති එක වෙන්න ඇති නේද? ඒකත් කියලා දෙන්න. ස්තුතියි !!!

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 209 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site