IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වික්ටෝරියා ප්‍රාන්තයේ තත්ත්වය නරක අතට

 

නව කොරෝනා වයිරස වසංගතය පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ නරකම දිනය ලෙස අද (30) දිනය සටහන් විය. 

ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 700 ඉක්මවා වාර්තා වූ අතර වයිරස ආසාදිත මරණ 13ක් වාර්තා විය.

මීට පෙර ඔස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 518ක් ලෙස දැක්විණි. 

කෙසේ නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වී තිබෙන වයිරසයේ දෙවැනි රැල්ලත් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවල වයිරසය පැතිරෙමින් තිබීමත් නිසා දිනපතා වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩිවෙමින් තිබේ. මේ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන්ට ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නුවරට අගුළු දැමීමටත් අනෙකුත් ප්‍රාන්ත සමඟ තිබෙන සීමා වසා දැමීමටත් සිදුවිය. 

“මම මේ සංඛ්‍යා ගැන දැඩි විමසිල්ලෙන් පසුවෙනවා. පෞද්ගලික අංශයට අයත් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවලින් වයිරස ආසාදිතයන් වැඩි වැඩියෙන් හඳුනාගැනීමට ලැබීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ” යැයි වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් මෙල්බර්න් නුවරදී මාධ්‍යවේදීන් අමතමින් කීය. 

අසනීප තත්ත්වයේ පසුවන බොහෝ පිරිසක් රැකියාවලට යන බවත් පරීක්ෂණවලට යොමු වන පිරිස් ද ඒවායේ ප්‍රතිඵල ලැබීමට පෙර රැකියා හෝ ඔවුන්ගේ රාජකාරීවලට හෝ යොමුවන බවත් හෙතෙම කීය.  

වයිරස ආසාදිතයන් වැඩිවීමත් සමඟ සමාජ දුරස්ථභාවයට අදාළ නීති හා සීමා දීර්ඝ කිරීමට ද වික්ටෝරියානු ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ දකණු දෙස ජීවත්වන පිරිසට සිය නිවෙස්වලට අමුත්තන් ගෙන්වා ගැනීම ද අද සිට තහනම් වේ. 

එමෙන්ම ප්‍රාන්ත‌යේ සියලු දෙනාම නිවසින් බැහැරට යෑමේදී අනිවාර්යයෙන් මුඛ ආවරණ පැළැඳිය යුතු අතර ඉරිදා සිට එම නීතිය ක්‍රියාත්මක වේ. 

 

රොයිටර්

055 



අදහස් (2)

වික්ටෝරියා ප්‍රාන්තයේ තත්ත්වය නරක අතට

Rohana Thursday, 30 July 2020 08:10 AM

ඉක්මණින් වයිරසය තුරන්වී සැමට නිරෝගි සුවය ලැබේවා !!!

:       0       0

kavinda Saturday, 01 August 2020 03:02 PM

සමීක්ෂණ වාර්තා අනුව 4 වන ස්ථානයේ හිටිය රට තමයි ඔය...ලංකාව හිටියේ 10වැනි ස්ථානයේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site