(නිමන්ති රණසිංහ)
බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුථාපන කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ‘ලංකාදීප’යට ඊයේ (16) පැවසීය.
යම් අයකුට බලපත්‍ර සහිත ගිනි අවියක් සන්තකයේ තබා ගත හැකි නමුත් එය වැරදි ආකාරයට පරිහරණය හෝ අවභාවිත කිරීමේ කිසිදු අයිතියක් නැතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.
කිසියම් අයකු වරදක් සිදුකර ඇත්නම් රටේ නිතිය අනුව කටයුතු කළ යුතු බවත් එසේ කටයුතු කිරීමේදී අමාත්‍යවරයකු වූ පමණීන් විශේෂයක් දැක්විය නොහැකි බවත් වීරසේකර මහතා කීවේය.
යම් සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම නම් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් විය යුතු බව සදහන් කළ අමාත්‍යවරයා එම පැමිණීල්ල අදාළ පාර්ශ්වයක් විසින්ම කරනු ලැබිය යුතු බවත් පැවසීය.
සරත් වීරසේකර මහතා මෙසේ පැවසූවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර දෙකකට අයුතු ලෙස ඇතු`ථ වී සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසුමකදීය.
මෙම වසර සඳහා වාහන ආනයනය වෙනුවෙන් මහ බැංකුවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණක් මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කර තිබෙන ශ්‍රී ලංකා මහ
කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යවරුන්ට හිමි වැටුප් සහ ඉන්ධන දීමනාව ලබා නොගැනිමට තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්
එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද රාත්‍රී කඩාවැටීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් මුළුමනින්ම අවහිර වූ බව පොලිසිය පවසයි.
මන්ත්‍රීවරුන් 175 දෙනකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද(26) බාර දෙනු ලැබීය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් ගුරුවරුන්ට, මෙන්ම වසර 11 ක් අ
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
’’ලොහාන් වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා’’
Praba Thursday, 16 September 2021 06:28 PM
අදාල එල්.ටී.ටී.ඊ සැකකරු දැඩි රැකවල් මැද හිරේනේ සර්.
අපි Thursday, 16 September 2021 06:28 PM
අනේ කටින් විතරක් වැඩ සරත් වීරසේකර මහතා. පුලුවන් නම් අත් අඩංගුවට ගන්න. දැනටමත් සාක්කි මකන්න මෙතුමලා වැඩ ඇති..
mohomed agarapatana Thursday, 16 September 2021 06:31 PM
සර් බලපත්‍රයක් ඇති පිස්තෝලයකින් සිරකරුවන්ගේ ඔලුවට තියලා බය කරන්න පුලුවන්ද ඔබගේ නීතිය හැටියට
සරාFriday, 17 September 2021 06:05 AM
ඇයි දන්නෙ නැද්ද මගේ න්‍යාය මයි කාර් මයි පැට්‍රෝල් කියලා.
සමන්ත Thursday, 16 September 2021 06:32 PM
අරගෙන පෙන්නන්නකෝ, අපි මැරිලා ඉපදෙන්නේ නැහැ කියලා විතරක් මතක තියා ගන්න.
පිංපියා Thursday, 16 September 2021 06:40 PM
රූපවාහිනී පුවතකින් දැක්කා එක් අවස්ථාවක දැනට සිටින විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීන් පිරිසක් බන්ධනාගාරයට ගිය වේලාවක ඇතුල්වෙන්න නොදුන් බවක්.ඒ ගියේ දහවල් කාලයේ මොහු ගියේ රාත්‍රීනාලයේ හෙලිකොප්ටරයකින්. මේ කාලයේ ගුවන් ගමන් තහනම් බව ගුවන් ගමන් පාලක පුකාශ කල බවක්ද පලවුනා.අස්වුන ඇමති ලොහැන්ම කියනවා සිදුවූ වරද නිසා ඉල්ලා අස්වෙනවා කියල ඉතින් මහත්තයෝ වරදක් කරපු බවක් පේන්න නැද්ද.
Kcn Thursday, 16 September 2021 06:45 PM
හා
de silva Thursday, 16 September 2021 06:48 PM
ඔය ලෑස්ති වෙන්නේ ආයෙත් සැරයක් හත්පොලේ ගාගන්න
දාස Thursday, 16 September 2021 06:53 PM
මෙයාගෙ ඇස් පේන්නෙ විරුද්ධ පක්ෂෙ එකෙක් මොකක් හරි කලොත් විතරයි..ආන්ඩු පක්ෂෙ එකෙක් මිනී මැරුවත් මේ යෝධයට පේන්නෙ නෑ.
K Perera Thursday, 16 September 2021 07:01 PM
ඔහේගේ මොලය අවුල් වෙලාද හැබෑටම ?
fairoos Thursday, 16 September 2021 07:18 PM
මේ නාටක බලලා ඇතිවෙලා.
Tharuka Thursday, 16 September 2021 09:02 PM
අනේ සරත් නංගියෝ ඔයා ආවේ නම් වියත්මග කියාගෙන ,දැන් නම් බොරු මගේ යන්නේ ඔයා .තිබුන ගෞරවයත් නැති කර ගත්තා .තියන උද්දචච කමට .ඔයා ඉතින් රාජපක්ෂලා කියන ඕන පදයකට නටන නැඟී කෙනෙක් නේ .
lanka Thursday, 16 September 2021 09:25 PM
සාමාන්‍ය කෙනෙක් මේ වගේ දෙයක් කරා නම්, දැනටමත් පොලිසිය මිනිහව කුදලාගෙන ගිහින්. ඔය තමා මේ රටේ නීතිය ක්‍රියාත්මක වන හැටි. ජාත්‍යන්තරය අපේ රටේ නීතිය පිළිබඳව අඩු තක්සේරුවක සිටීම පුදුමයකට කරුණක් නොවේ.
Asela Thursday, 16 September 2021 10:08 PM
හා. දැනුවත් කලාට ස්තූතියි
pakeer Thursday, 16 September 2021 10:12 PM
අනේ ඔන්න ඔය ආයෙත් එන්න දෙන්න. ඕක මොකක්ද... ඕවා මොන වැරදිද.? පව් අසරණයා.
පිටිගල මිලානෝ Thursday, 16 September 2021 10:12 PM
සරත් වීරසේකර ඒ දවස්වල ජිනීවා ගිහින් ඇත්තටම මොනවද කලේ? එක රාජ්‍ය නායකයෙක් හම්බ වුනාද? ලංකාවට ප්‍රායෝගිකව වාසිදායක වන එක වැඩක්වත් කලාද? දන්න කෙනෙක් ඉන්නවනම් මීට පිලිතුරක් ලියන්න දැනගැනීම පිනිස. මෙයා බොහෝ වතාවක් ජිනීවා ගිය එක නම් දන්නවා.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 16 September 2021 10:14 PM
වරදක් කර ඇත්නම් කියන්නේ මොකද ? අස්වූ කෙනාම කියනවා වරදක් සිදුවූ බව. මෙයා කියන්නේ වෙනත් දෙයක්.
nihal Friday, 17 September 2021 02:12 AM
මොනවා කියනන්නද මේවට.?
මෝ Friday, 17 September 2021 05:29 AM
මෙයාගේ බයිලා තමයි.
පැරකුම් Friday, 17 September 2021 06:58 AM
මෙවැනි සිද්ධියක් වාර්තාවි නැති බව බන්ධනාගාර බලධාරින් පවසනවා නම් වෙන මොන පරිී්‍ක්ෂණද? සැකකරු නිදොස්කොට නිදහස්…!
ශ්‍රීමා Saturday, 18 September 2021 02:26 AM
මේ සිධිය සඳහා සාක්ෂි ඇත්තේ නම් පැමිණිල්ලක් ඉදිරිපත් කලේ නම් සොයා බැලිය යුතුය. මිනිහෙක් වරදක් කල බව ඔප්පු විය යුතුයි. මේක ගැන කෑගැසීමෙන් පමණක් වරදකරු විය නොහැක.