IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලංසා ජනපතිට දුක කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අමාත්‍යාංශයේ ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් ජනාධිපතිවරයාට බාරදුන් බව ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

ජනාධිපතිවරයා තමාගේ පැමිණිල්ල ගැන සාධාරණ  පරීක්ෂණයක් පවත්වනු ඇතැයි  බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා තමාගේ ප්‍රශ්නය විසඳිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවද සඳහන් කළේය.

මෙනිසා එම වාර්තාවේ කරුණු තමා මේ සභාවේ පැවසීමට බලාපොරොත්තු නොවන බවද  ලංසා මහතා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ රටේ  පවතින තත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා එහිදී  මෙසේද පැවසීය.

අද රටක් විදියට අපි ඉන්නේ විශාල ආර්ථික ප්‍රශ්නයක. මේ තත්වය ඇති වුණේ කොවිඩ්  වසංගතය නිසායි. 

අපි විපක්ෂයට දොස් කියලා විපක්ෂය අපිට දොස් කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. අද රටේ තියෙන්නෙ ඩොලර් ප්‍රශ්නයක්.අපි ඒක පිළිගන්න ඕන.

මේ තත්වය ඇතිවුණේ කොවිඩ්  නිසයි. ආණ්ඩුව විපක්ෂය කවුරුත් එකතුවෙලා මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි. අපේ පෞද්ගලික  ප්‍රශ්න මෙතන කතා කතාකරල වැඩක් නෑ. ආර්ථික ප්‍රශ්නය ගැන මේ රජයට විතරක් ඇඟිල්ල දිගු කිරීම වැරදියි.

අපි මෙතනදී පක්ෂ පාට ජාති භේද අමතක කළ යුතුයි. හැම ආණ්ඩුවක්ම බලයට ආවම කරලා තියෙන්නේ කලින් ආණ්ඩුවට දොස් කියන එක. ආදායම් උපයන වැඩපිළිවෙලකට රට යා යුතුයි.  එකිනෙකාට චෝදනා කරලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ.

අපි වාද භේද ප්‍රශ්න ඔක්කොම අමතක කරමු. සත්‍ය රටට කතා කරලා  වැඩපිළිවෙලකට එමු.

රට වැටී ඇති තත්වයට මේ රට පාලනය කරපු සියලු දෙනා වගකිව යුතුයි. ආණ්ඩුව  ශක්තිමත් නම් මිනිස්සු ශක්තිමත් වෙනවා. ඒ නිසා අප කළ යුත්තේ ආණ්ඩුව ශක්තිමත් කිරීමයි. මිනිස්සුන්ට නොයෙකුත්  ඉල්ලීම්  ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒව සාධාරණ වෙන්න ඕන. ආණ්ඩුවකට සල්ලි ගස්වලින් කඩන්න බැහැ. ජනතාවගෙන් බදු ගන්න බැරි නම් රටකට සල්ලි කෝ.

මට යම් යම් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා.  මේවා මගේ විතරක් නොවෙයි රටේත්  ප්‍රශ්න. සමහර වැල් ගහ වටා  එතෙනවා.

නමුත් සමහර වැල් ගහ ආරක්ෂා කරන්නේ නැහැ. ගහ විනාශ කරනවා. මට පහුගිය ටිකේ නින්දා අපහස කරපු අපේ පැත්තෙ ඉන්න අයට මම කියන්නේ එක දෙයයි. මටත් ප්‍රහාරය එල්ල කරන්න පුළුවන්. නමුත් මම ඒ තත්වයට යන්නේ නැහැ. මොකද ජනතාව කිව්වා මට එහෙම කරන්න එපා කියලා. මම ඒ අයට  ප්‍රති පහර එල්ල කළොත් මීට වඩා තත්වය දරුණු වේවි. ආර්ථිකය ගොඩනැගීම සඳහා යම් කතිකාවතක්  ඇති කර ගැනීමට එක්වන්න කියලා  සමගි ජන බලවේගය ට ජනතා විමුක්ති පෙරමුණට මම ආරාධනා කරනවා.



අදහස් (2)

ලංසා ජනපතිට දුක කියයි

ජගත් ලියනගේ Wednesday, 23 February 2022 03:58 PM

ඒක මිසක්... අපි හරිම බයේ හිටියේ අස්වෙයි කියලා...

:       0       14

WCA Wednesday, 23 February 2022 05:43 PM

"රට වැටී ඇති තත්වයට මේ රට පාලනය කරපු සියලු දෙනා වගකිව යුතුයි."ඔක්කොම නෙවෙයි ඔය 225 හොඳේ... වැරැදි අර්ථකතන දෙන්න එපා...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site