(තරිඳු ජයවර්ධන)
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් 2007 වසරේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2007 අගෝස්තු 19 වැනි දා රූපවාහිනී වැඩසටනකදී හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
ඒ අනුව අදාල වැඩසටහනේ පිටපතක් ලබා දෙන ලෙස අධිකරණය මගින් අදාල රූපවාහිනී ආයතනයට නියෝගයක් ලබාගෙන තිබෙන බව ද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මාධ්‍ය නිදහස ගැන ද හිටපු ආරක්ෂක ලේකම්වරයා එම සාකච්ඡාවේදී අදහස් දක්වා ඇතැයි රහස් පොලිසිය පවසයි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරනු ලැබුවේ 2009 ජනවාරි අට වැනි දා ය. මිග් ගනුදෙනුව ගැන සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා 2007 වසරේ දී ලිපියක් පළ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගැන හොයලා රටට ඇති සෙතක් නැත. රටට වැඩක් ඇතිදේකට කාලය යොදවන්න. විදුලි දුම්රිය (ඒවා දුම් දමන රියවල් නොවේ) කොමිස් ඉල්ලපු අය ගැන හොයන්න ඒවා ජනතාවට වැදගත්.
අළුත් නාටකයක් එළි දක්වන්න වගෙ ලෑස්තිය
ඕක හොයන්නේ මොකටද ඔයා හැම තැනම මිනිස්සු කියන්නේ මිනි මරුවන්ගේ නම් ගම වාසගම් එක්ක ඔය වේදිකාවලත්. ජේ .වී. පී. මන්ත්‍රී වරු බෙරිහන් දිදී කියන්නේ ඉතින් මොන රහස් පොලිසි ද ...?
කොච්චර හෙව්වත් ඔච්චරම තමයි.
ඡන්දයක් ලගදීම ඒකයි ඔය පරන තැටි රත්කරන්නෙ තාජූඩීන්, ලසන්ත, එක්නැලිගොඩ අාදී මෙකී නොකී සියල්ල නැවත වරක් ගොඩගන්න ලගයි අර සෝපානයෙන් වැටුණ රගර් ක්‍රිඩකයත් මැරුවේ නාමල් කියලා කියන්නත් බැරි නැහැ. අපිට නාඩගමි මෙවිවා. අපි ඔය රට කන වනසන පර්ලිමෙන්තුවට ජන්දය ඉල්ලන්න එන හැම උන්වම ගහල පන්නන්න ඔනා නැත්නමි උන් තව තවත් රට කනවා.
ඇත්ත කියනකොට රාජපක්ෂලාගේ මුට්ටි කරගහන අයට හරි අමාරුයි.
ලගදීම ඡන්දයක්. තාජුදීන වත් ගොඩ ගනියි.
මෙතන ඉන්න බයියන්ට ලසන්ත වගේ ජීවිතියක් වටින්නේ නැහැ වගේ. මට නම් හිතෙන්නේ මේ බයියෝ වගේ ඉන්න කට්ටිය යම් තැනකින් පඩිගන්න සෙට් එකක් වගේ.
ඔය තජුදීන්, ලසන්තලා, එක්නැළි ගොඩලා ගැන සොයන්නේ ඇයි. හොයලා ඇති වැඩේ මොකක්ද? කාවවත් මිනී මරුවෝ කරන්නද?