IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලොව පළමු මැලේරියා එන්නතට අනුමැතිය

මැලේරියාවට එරෙහිව නිපදවා ඇති ලොව පළමු සහ එකම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවිය. 'RTS,S/AS01' යන නමින් නම් කළ මෙම එන්නත නිපදවා ඇත්තේ ඇත්තේ බ්‍රිතාන්‍යයේ 'ග්ලැසෝස්මිත්ක්ලයින්' හෙවත් 'ජී.එස්.කේ' ඖෂධ නිෂ්පාදන සමාගමය.

බ්‍රිතාන්‍යයේ 'ජී.එස්.කේ' ඖෂධ නිෂ්පාදන සමාගම, මෙම එන්නත නිපදවීම ආරම්භ කර ඇත්තේ අද ඊයේ නොව, 1987 වසරේදීය. දීර්ඝ කාලයක් තිස්සේ සායනික පර්යේෂණ රැසකට එන්නත යොමු කර එහි සාර්ථකත්වය විමසා බැලුණි. 'ඇමොක්සිලින්' ඇතුළු ලොව වැඩියෙන් භාවිතයට ගන්නා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රැසක් නිපදවන්නේ 'ජී.එස්.කේ' ඖෂධ නිෂ්පාදන සමාගමය. මෙහි මූලස්ථානය ඇත්තේ ලන්ඩන් නුවරය.

මැලේරියාව යනු වාහකයකු මගින් බෝවන ආසාදිත රෝගයක් වන අතර, ඊට මුල් වන්නේ ප්‍රොටෝසෝවා (ඒක සෛලික ජීවියෙක්) පරපොෂිතයෙකි. මදුරු දෂ්ටනයෙන් පසු මැලේරියා පරපෝෂිතයන් මනුෂ්‍ය සිරුරට ඇතුළු වෙයි. මැලේරියා පරපෝෂිත විශේෂ 5 ක් හඳුනාගෙන ඇති අතර, එයින් මාරක විශේෂය වන්නේ 'ප්ලාස්මෝඩියම් ෆැල්සිපරම්' ය. RTS,S/AS01 එන්නත මෙම විශේෂයට එරෙහිව සාර්ථකව සටන් කරයි. මැලේරියා පරපෝෂිතයන් පරිවහණය කරනු ලබන්නේ ගැහැනු ඇනෝපිලස් මදුරුවාය.

මැලේරියාවෙන් වසරකට ලක්ෂ 4 ක් මියයති. වැඩි වශයෙන් මැලේරියා රෝගය ව්‍යාප්ත වන්නේ අප්‍රිකා මහද්වීපයේය. මැලේරියා මරණවලින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ උප සහරා අප්‍රිකා රටවල් හයකිනි. එයින් ද වැඩිම මැලේරියා මරණ වාර්තා වන්නේ නයිජීරියාවෙනි. උණ, හිසරදය, හන්දි වේදනාව, අධික දහඩිය ආදිය මැලේරියා වයිරසයේ රෝග ලක්ෂණ වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට, සෑම මිනිත්තුවකටම අප්‍රිකාවේ දරුවකු මැලේරියාවෙන් මියයයි.

2019 දී නියමු ව්‍යාපෘතියක් යටතේ, RTS,S/AS01 එන්නත් මාත්‍රා මිලියන දෙකක් ඝානා, කෙන්යා සහ මලාවි යන අප්‍රිකා රටවල වැසියන්ට ලබා දුන්නේය. එම ව්‍යාපෘතියේ වාර්තා අනුව, එන්නත ආරක්ෂිත බවත්, මැලේරියාව අඩපණ කරන බවත් තහවුරු කෙරුණි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී විශේෂ මාධය හමුවක් කැඳවමින් එන්නත නිර්දේශ කළේය.

'ලොව පළමු මැලේරියා එන්නත වන RTS,S/AS01 එන්නත මහා පරිමාණයෙන් භාවිතයට සුදුසු බව අප නිර්දේශ කරනවා. මැලේරියාවට එරෙහි සටන ජය ගැනීමට මෙම එන්නතට හැකිවේවි' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ගැබ්‍රියේසිස් ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.

මේ වනවිට වයිරස සහ බැක්ටීරියා ආසාදන සඳහා එන්නත් නිපදවා ඇති අතර ඒවාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. කෙසේ නමුත්  පරයෝෂිතයකුට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නතක් අනුමත කළ පළමු අවස්ථාව අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය පැහැදිලි කර තිබේ.

(රොයිටර්)



අදහස් (4)

ලොව පළමු මැලේරියා එන්නතට අනුමැතිය

lakvidu Thursday, 07 October 2021 11:16 AM

එන්නත් ගහ ගහ ඉන්න මුංට හොදටම පිස්සු. අපේ සුවධරනි මංජුසා එහේ බෙදා හැරියනං සියලුම ලෙඩ කම්මුතුයි.

:       2       1

Reks Thursday, 07 October 2021 11:20 AM

අතිගරු සර්......, ඒ මෝඩයන්ට ඉන්ජක්ෂන් ගගහ කාලෙයි සල්ලියි නාස්ති කරන්න එපා කියන්න. අපේ මහානර්ඝ සුවධරනිය රට පටවා ඩොලර් බිලියන ගනනින් හොයාගන්න අනගි අවස්ථාවක්!

:       2       1

kamal Thursday, 07 October 2021 12:50 PM

අයියෝ ඕක මොකද්ද අපි දාගැබ් හදනකොට මේගොල්ලෝ ගස් උඩ හිටියේ .අපි 255 අභිමානේ මේවා වලින් බාල්දු වෙන් නෑ

:       1       2

නුවන් Thursday, 07 October 2021 02:05 PM

එම ඖෂධය සොයා ගත් සියල්ලටම පින්සිදු වේවා !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site