කොරෝනා වයිසරයෙන් මේ වනවිට පුද්ගලයන් 3,300ක් මිය ගොස් ඇති අතර, 100,000 දෙනෙකුට එය අසාදනය වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
මේ වනවිට රටවල් 85ක් දක්වා වයිරසය ව්‍යාප්තව ඇත.

මේ හේතුවෙන් ගෝලීය ආර්ථිකයට ද අහිතකර බලපෑමක් එල්ල වී ඇති අතර, ලෝක වෙළඳපොළ අවදානම් තත්වයකට එළඹ සිටී. ලොව පුරා අන්තර්ජාතික ව්‍යාපාර, සංචාරක කර්මාන්ත, ක්‍රීඩා සහ පාසල්වලද වයිසරයෙන් බලපෑමට ලක්ව තිබේ.
ලොව පුරා මිලියන 300ක් පමණ සිසුන් පාසල්වලින් නිවාස වෙත පිටත් කර යවා ඇතැයි ද පැවසේ.
සියලු රටවල් මේ වනවිට වයිරසය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් පවතී. එසේවුවත්, කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇතැම් රටවල් තැකීමක් නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීහු අනතුරු අඟවති.
සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් වගකීම පවරා නොසිට, සියලු අංශ මේ සඳහා සූදානම් කරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් මහතා, ලොව සියලු රටවල පාලකවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මේ වනවිට චීනයේ පුද්ගල මරණ 3,042ක් ද, ආසාදිතයන් 80,500දෙනෙකු ද වාර්තා වී ඇති අතර, මිලියන 10ක පමණ පිරිසක් නිරෝධායන කාලයක් ගතකරමින් සිටින බව පැවසේ.
චීනය හැරුණුවිට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ දකුණු කොරියාවේය. එහි පුද්ගලයන් 6,000දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර, 42දෙනෙකු මිය ගොස් ඇත.
කෙසේවෙතත් චීනයට සාපේක්ෂව සෙසු රටවල්වල වයිසරය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව බලධාරීහු පෙන්වා දෙති.
(ඒඑෆ්පී ඇසුරිනි)
16844
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලොව පුරා පුද්ගලයන් ලක්ෂයකට කොරෝනා