(ඩයනා උදයංගනී)
නිරෝධායනයට යොමු කර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දුමින්ද නාගමුව යන මහත්වරුන් පී.සී.ආර් පරීක්‍ෂණයකට ලක්කර නිදහස් නොකළහොත් ඉදිරියේදී මෙරට වෘත්තීය සමිති ඒකාබද්ධව මහා වැඩවර්ජනයකට එළඹෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ගුරු සංගම් නායකයන් හා සමාජ ක්‍රියාකාරීන් හෙට (12) දිනයේදී පී.සී.ආර් පරීක්‍ෂණයන්ට ලක්කර අනිද්දා (13) දිනයේදී නිදහස් කරන්නැයි තමන් රජයට දැනුම් දෙන බව ද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව නිරෝධායන නීතියට මුවාවී වෘත්තීය සමිති නායකයින් මර්දනය කරන බවත්, එය නිරෝධායනයට ගාල් කිරීමක් නොව රැඳවුම් කඳවුරකට ගාල්කිරීමක් බවත් ලාල්කාන්ත මහතා කීවේය.
නිරෝධායන කඳවුරකට යමෙකු යොමු කිරීමට නම් පී.සී.ආර් පරීක්‍ෂණයක් සිදුකර ඔහු රෝගියෙක් වී තිබිය යුතුයැයි කී ලාල්කාන්ත මහතා ජෝශප් ස්ටාලින් හෝ දුමින්ද නාගමුව ඇතුළු පිරිස එසේ පී.සී.ආර් පරීක්‍ෂණවලට මෙතෙක් යොමු කර නැතැයි ද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විකාර නිරෝධාන නීති තියෙන්නේ ලංකාවේ පමණයි .පී .සී.ආර් එක නියම විද්‍යානුකූල විසඳුමකි
"රතු අලින්ට" කඩේ යන "ගුරුහොරු",,,කෝ අර අපි ඉස්කෝලේ යන කාලේ හිටපු "ගුරු මෑණිවරු" "ගුරු පියවරු"? බංකොලොත් දේශපාලනික නායකවරුණි, දේශපාලන අතකොලු කරගෙන අර අසහාය "යුධ සෙනෙවියාට" කරපු දේ මේ උත්තරීතර සේවයට කරන්න එපා!!!
ආදරණිය ගුරු භවතුනි, ඔබලාම අපිට ඉගැන්වූ පරිදි "බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ" කියන උපහැරණය ඔබලාටම අමතක වී තිබෙන පාටයි. එමනිසා මොවුන් සමග ප්‍රවේශමෙන් කටයුතු කරන්න
යූනියන් කාරයන්ගෙන් අහිංසක ගුරුවරු බේරා ගමු
අපි එවන්නම් ටයර් සෑය බඳින්න ටයර්. තවත් 60000 කෙලවන්නයි මේ හදන්නේ
කාට හරි කඩේ ගිහිල්ලා ලොක්කො වෙන්නයි හදන්නේ...