(දසුන් රාජපක්ෂ )
 
ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන් බව එම කොමිසම අද (29) දැනුම් දුන්නේය.
 
යහපාලන ආණ්ඩුව සමයේ තමාගෙන් දේශපාලනිකව පලිගෙන ඇති බව සදහන් කර ලලිත් ජයසිංහ මහතා මෙම පැමිණිලි කර තිබුණි.ඒ අනුව කොමිසමේ නිර්දේශ ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නියමිතය.
 
 මෙම පැමිණිල්ලට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබුණි.