IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලොරි යතුරු පැදි අනතුරින් යුවළක් මරුට

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය පිටිගල ප්‍රධාන මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි,ලොරි රථ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් යුවළක් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ පැලවත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ දෙදෙනකු බවද පොලිසිය කියයි.

යතුරු පැදිය ලොරි රථයේ ගැටී මීටර් තුන්සියයක් පමණ දුරට ඇදිගොස් ඇති අතර ලොරි රථය අතරමග දමා එහි රියදුරු පැනගොස් සැඟව සිටියදී පොලිසිය ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යුවළ ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වනවිටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම මාරක රිය අනතුර සිදුකළ ලොරි රථය පැලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්තශාලාවකට අයත් එකක් බවද පොලිසිය කියයි.

 



අදහස් (2)

ලොරි යතුරු පැදි අනතුරින් යුවළක් මරුට

JAYATH Tuesday, 18 January 2022 02:17 PM

මේකත් මේ රටේ සමාජ ව්‍යසනයක් 90% විතරම මැරෙන්නේ මෝටර්සයිකල් පදින අය මෙතන මම දන්නේ නැහැ .කාගේද වැරැද්ද කියල නමුත් අර කට්ටියගේ පාරේ විනය නම් අන්තිමයි - අනිත් පැති වලත් එහෙම ද මම දන්නේ නැහැ නමුත් මේ අගනගරේ උදවිය ගැන නම් කියල වැඩක් නැහැ

:       0       1

චන්දන Tuesday, 18 January 2022 06:41 PM

ඇත්ත .ලංකාවෙ කොතනත් එකයි . පොලිසිය දැඩිව ඉන්නව නම් මේ තරමක් අනතුරු වෙන්නේ නැහැ . විනය බලෙන් හදන්න වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site