(ජේ.කේ.එල් චාමින්ද)
දක්ෂිණ අධිවෙගි මාර්ගයේ පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ නුගදුව වර්ණසංඥා පද්ධතිය මතදී අද (17) පස්වරුවේ ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
අනතුර වන අවස්ථාවේ නුගදුව වර්ණසංඥා පද්ධතිය අක්‍රියව තිබූ බවද පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරු හා ත්‍රිරෝද රථයේ පැමිණි අඹුසැමි යුවළකි. තුවාලකරුවන් අහංගම තිත්තගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.
ත්‍රිරෝද රථයේ පැමිණි අය කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටින රෝගියකු බැලිමට යමින් සිටියදි මෙම අනතුරකට ලක්ව ඇත. ත්‍රිරෝද රථය අකුරැස්ස දෙස සිට පැමිණ ඇති අතර ලොරි රථය පින්නදුව දෙසට ධාවනය වෙමින් තිබියදි මෙම අනතුරවි ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ණ සංඥා නැති වෙලාවට සතර මංසන්ධිය පහු කරන හැටි පිලිබඳ නීති දන්නෙ නැත්ද?