IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’ලැම්බ්ඩා’ විකෘතිය ’ඩෙල්ටා’ ට වඩා බිහිසුණුයි

ලොව රටවල් සියයකට වඩා ව්‍යාප්තවී ඇති 'කොවිඩ් 19' ඩෙල්ටා විකෘතියට වඩා 'ලැම්බ්ඩා' විකෘතිය බිහිසුණු බවත්, එන්නත්වලින් පවා එය මට්ටු කළ නොහැකි බවත් මැලේසියානු සෞඛ්‍ය අමාත්‍ය ඇඩ්හම් බාබා අනතුරු අඟවයි.

මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අනතුරු ඇඟවූයේ සිය ට්විටර් ගිණුම ඔස්සේය. ඒ, 'ලැම්බ්ඩා' විකෘතිය සම්බන්ධයෙන් මැලේසියානු වෛද්‍ය පර්යේෂකයන් පුළුල් ලෙස අධ්‍යයනය කර ඇති බැවිනි.

මේ වනවිට රටවල් 30 කට වැඩි ගණනකින් 'ලැම්ඩා' විකෘතිය හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

බිහිසුණු මෙන්ම විමසිල්ලෙන් සිටිය යුතු වයිරස විකෘතියක් යැයි හඳුන්වා දෙමින්, 'ලැම්බ්ඩා' විකෘතිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ අවධානය යොමු වූයේ පසුගිය ජූනි 14 වැනිදාය.

'සී.37' හෙවත්  'ලැම්බ්ඩා' වයිරස විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ 2020 ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයෙනි. 'පේරු' යනු තවමත් 'කොවිඩ් 19' වසංගතයෙන් බිහිසුණු ලෙස බැටකන රාජ්‍යයකි.

2020 දෙසැම්බරයේ සිට මෙම 2021 අප්‍රේල් තෙක් කාලයේ හඳුනා ගැණුනු නව කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි දෙනකුට ආසාදනය වී ඇත්තේ 'ලැම්බ්ඩා' විකෘති වයිරස ප්‍රභේදයයි.

පසුගිය ජූනි මාසය වනවිට ලතින් ඇමෙරිකා රටවල් සියල්ලටම 'ලැම්බ්ඩා' විකෘතිය පැතිර ගියේය.

ආජන්ටිනාව, චිලී සහ එක්වදෝරය යන රටවල 'කොවිඩ් 19' වසංගතය උග්‍ර කිරීමට හේතුවූයේ 'ලැම්බ්ඩා' විකෘතියයි.

ඒ වනවිටත් වයිරසය සෙසු රටවලින් වාර්තාවීමට පටන්ගෙන තිබුණැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

(හින්දුස්ථානී ටයිම්ස්)



අදහස් (1)

’ලැම්බ්ඩා’ විකෘතිය ’ඩෙල්ටා’ ට වඩා බිහිසුණුයි

Rata Perata Thursday, 08 July 2021 02:16 AM

මොකද්ද මේ රටට වෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site