ලිබියාවේ අගනුවර ට්‍රිපොලි හි හමුදා පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 33 දෙනකු පමණ මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.
ජෙනරාල් කලීෆා හෆ්ටාගේ සන්නද්ධ කණ්ඩායම් විසින් මෙම ප්‍රහාරය සිදුකරන්නට ඇති බවට ලිබියානු රජය චෝදනා කරයි.
කෙසේ වුවද ජෙනරාල් කලීෆා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
එම ප්‍රදේශය පුරා සිරුරු විසිරී තිබෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.
ට්‍රිපොලි නගරය අල්ලාගැනීමේ අරමුණින් ජෙනරාල් කලීෆාගේ කණ්ඩායම සටන් මෙහෙයවන අතර පසුගිය අප්‍රේල් මාසයේදී ද ඔවුහු ප්‍රහාරයක් එල්ල කළහ.
ගුවන් ප්‍රහාරය සම්බන්දව සාකච්ඡා කිරීම සඳහා ලිබියානු විදේශ අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවීය.
ජෙනරාල් කලීෆාගේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය විසින් විමර්ශනයක් සිදුකළ යුතු බවද ලිබියානු විදේශ අමාත්‍යාංශය පවසා තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd