(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් පාලනයට හඳුන්වාදී ඇති විවිධ නීති හා සීමාවන් ලබන ඔක්තෝබර් 16 වැනිදායින් පසු තවදුරටත් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
ජනතාව සෞඛ්‍යය නීතිවලට අනුගතව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් සංවර ලෙස කටයුතු කළහොත් රටෙන් කොවිඩ් රෝගය නොවැම්බර් දෙසැම්බර් වනවිට තුරන් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද යුද හමුදාපතිවරයා කීවේය.
COMMENTS
දවසට එක ගානේ රට්ටුන්ට විහිළු කතා කියන්න එපා. නොතිබුණු ඇඳිරී නීතියක් ගැනයි, නොතිබුණු සංචරණ සීමා ගැනයි, නොතිබුණු කෝව්ඩ් පාලන නීති ගැනයි කියලා. මේ යන විදියට යයි. පුලුවන් නම් අර මුලින්ම බාර් අරින්න කිව්වේ කවුද කියලා කිව්වා නම් හොඳයි...
සියලු වගකීම් ජනතාවටදී, එන්නත් කරණය දිගින් දිගටම සාර්ථකව කරන ගමන් රට නව සාමාන්‍යකරණය යටතේ සම්පූර්ණයෙන්ම විවෘත කළ යුතුය. නැත්නම් වෙන්නේ කොරෝනා කියකියා එක තැන කැරකෙන්න...