IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලබන පාසල් වාරයේදී සියලු සිසුන්ට නිල ඇඳුම්

(රන්ජන් කස්තුරි සහ  බිඟුන් මේනක ගමගේ) 

ලබන පාසල්වාරය අවසානයේදී සියලු පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
 
2020 වසර වෙනුවෙන් නියමිත නිල ඇඳුම් දරුවන්ට ලබාදීම සඳහා ඊට පෙර පියවර  නොගැනීම කනගාටුවට කරුණක් වන අතර, එහි සම්පූර්ණ වගකීම අධ්‍යාපන අමාත්‍යංශය භාරගන්නා බවද ඇමතිවරයා කීය.
 
ඉකුත් රජය පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර්පත් ලබාදීමට ගෙන තිබූ ක්‍රියාමාර්ගය නිසා රජයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවට ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත්ව තිබිණි. ඒ අනුව වවුචර්පත් ලබාදෙන්නේද එසේත් නැතිනම් රෙදි ලබාදෙන්නේද යන්න පිළිබඳව තීරණයක් ලැබී නොතිබූ බවද ඇමැතිවරයා පැවසීය.

ලක්ෂ 43 ක් පමණ වන පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි ලබාදීම සෑම වසරකම පාසල් වාර අවසානයට පෙර සිදුවුවත් 2020 වසර සඳහා මේ දක්වාම එම නිල ඇඳුම් රෙදි ලබාදී නැති බැවින් ලංකා ගුරු සංගමය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේ යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

ජාතික අයවැය මගින් පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 27,000 ක් පමණ වෙන්කර තිබියදීත් මෙසේ නියමිත වේලාවට පාසල් සිසුන්ට නිල ඇඳුම් නොලැබීම කනගාටුවට කරුණකැයි ද ඒ මහතා කීවේය.



අදහස් (7)

ලබන පාසල් වාරයේදී සියලු සිසුන්ට නිල ඇඳුම්

siri Tuesday, 26 November 2019 10:57 AM

එතකොට මේ වාරයේ පාසල් යන්න කියන්නේ ඇඳුම් නැතුවද මහත්තයෝ ? කෝ අර අලි දෙන්නන් කොටි දෙන්නන් කියල ඡන්දෙදි දුන්න පොරොන්දු ? නඩු තියෙන කාටවත් තනතුරු දෙන්නේ නැහැ, බුද්ධි අංශ නගා සිටුවනවා, පලි ගැනීම් නෑ, මිට පස්සේ එක නීතියයි, කොටි සැමරුම් නෑ කියල නේද කිවේ. දැන් උතුරේ කොටි සැමරුම් හෝසේට. නඩු වල කටයුතු කරපු පොලිස් නිලධාරීන්ගේ බෙලි තද වෙනවා. නඩු වාෂ්ප වෙනවා. අර ලක්ෂ 65හෙ වැඩි පිරිසක් දැන් බෙහෙතකටවත් යෝයාගන්න බැරි වෙලා. අනේ අනිච්චන්.

:       0       29

rama Tuesday, 26 November 2019 11:42 AM

ජාතික අයවැය මගින් පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 27,000 ක් පමණ වෙන්කර තිබියදීත් මෙසේ නියමිත වේලාවට පාසල් සිසුන්ට නිල ඇඳුම් නොලැබීම කනගාටුවට කරුණකැයි ද ඒ මහතා කීවේය. සල්ලි වෙන් කරලා තිබුන නම් හිටපු ඇමති පොල් ගෑවද අවුරුද්ද ඉවර වෙනකම්?

:       0       0

චමින්ද Tuesday, 26 November 2019 12:43 PM

වව්චර් ක්‍රමය ඉතා හොඳින් උනා. රෙදි දෙනකොට ලැබුණේ ප්‍රමිතිය නැති රෙදි. අතරමැදියෝ ගසා කෑවා. රෙදි කපන්න අසුරන්න, ප්‍රවාහනය සදහා ලොකු වියදමක් යනවා. කූපනයට තවත් කියියක් හරි දීලා හොඳ රෙද්දක් ගන්න පුළුවන්.

:       0       1

දිසාපාමොක් Tuesday, 26 November 2019 03:16 PM

නිල ඇඳුම් වෙනුවට වවුචර් ක්‍රමය නිසා අක්‍රමිකතාවන්ට ඉඩ අඩු බවත්, වවුචර් මුද්‍රණය නිසා වියදම නම් ටිකක් වැඩි බවත්, ඇඳුම් බෙදා හරින තුරු ගබඩා කරන ගුදම් වල මාසික කුලිය ඉතා අධික බවත් රෙදි ගෙන්වන කට්ටියගෙන් ඇතැමුන්ට සන්තෝසම් යහමින් ලැබෙන ඉඩ වැඩි බවත් විෂය ගැන දන්නා උදවිය පවසනවා.

:       0       1

Athula Tuesday, 26 November 2019 03:48 PM

ඔය වගේ සිල්ලර දේශපාලන වෙනුවට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ අධ්‍යාපන ක්‍රමය සම්පුර්ණයෙන් වෙනස්කර දරුවන් නොමරා මරණ ක්‍රමය වෙනුවට රටට ලෝකෙට ප්‍රතිපල ගෙනෙන අධ්‍යාපන ක්‍රමයක් ඕනේ, ප්‍රධාන ජනප්‍රිය කියන ක්‍රමයෙන් මුදාගෙන නව ලෝකයක් කරා පිය නගන්න අවශ්‍ය ක්‍රමයක් ගොඩනගන්න

:       0       1

ලියනගේ Tuesday, 26 November 2019 05:31 PM

රජය වෙනස් වූ පලියට සෑම දේම වෙනස් කරන්නේනම් එය මෝඩ ක්‍රියාවකි

:       0       1

sandy123 Wednesday, 27 November 2019 05:01 AM

වව්චර් ලබාදීම වඩාත් යෝග්‍යයි මම යෝජනා කරමි. නිල ඇඳුම් රෙදි යනු කොමිස් මුදල් කුට්ටි වශයෙන් ගැවසෙන තැනකි. වව්චර් ලබාදීමෙනුත් අක්‍රමිකතා සිදුවිය හැකි වුවද එය රෙදි ලබාදීමේදී සිදුවන දේට වඩා අල්පය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site