(අංජුල මහික වීරරත්න)

වත්මන් රජය ජාත්‍යන්තර වශයෙන් රට නිසියාකාරව හැසිරවීමක් නොකළ නිසා මේ වනවිට කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වැසී යන තත්ත්වයට පත්ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුව ගෙනයන ආකාර්යක්ෂම ක්‍රියා පිළිවෙත නිසා නැවතත් රට පෝලිම් යුගයකට තල්ලු වී තිබෙන බව පැවසූ වජිර අබේවර්ධන මහතා ලබන අප්‍රේල්, අගෝස්තු මාස වනවිට රට ආර්ථික වශයෙන් දැවැන්ත අර්බූදකාරී තත්ත්වකට පත්ව ජනතාවට දැඩි පීඩාවන්ට මුහුණපෑමට සිදුවනු ඇතැයි කීය. 

ඉතිහාසයේත් අකාර්යක්ෂම, දුර්වල පාලනයන් පැවැති සෑම අවස්ථාවකදීම රටේ ආර්ථිකය විනාශ වූ බව කී වජිර අබේවර්ධන මහතා ඒ සෑම අවස්ථාවකදීම නැවත රට ගොඩනැඟුවේ එක්සත් ජාතික පක්ෂ පාලනය බව ද පැවසීය.