
ලෙබනනයේ බීරූට් නගරයේ වරායේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කර සිටී.
එම ලාංකිකයින් පිරිස මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
අදාළ පිපිරීමෙන් බීරූට් අගනුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නිවාසවලටද ද හානි සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.
පසුගිය 04 වැනිදා ලෙබනනයේ බීරූට් අගනුවර වරායේ ගබඩාවක තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් පිපිරීමෙන් පුද්ගලයින් 135 දෙනෙකු මියගොස් තවත් 4000කට ආසන්න පිරිසක් තුවාල ලබා සිටිති.
පිපිරීම හේතුවෙන් බීරූට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුවු අතර ඉන් කිසිදු තානාපති කාර්යාල නිලධාරියකු තුවාල සිදු නොවූ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ජීවත් වන අතර බීරූට් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු බීරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 00961 5769585 යන දුරකථන අංකයෙන් සහ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ තොරතුරු ලබා ගත හැකි බවද එම තානාපති කාර්යාලය සදහන් කර සිටී.
(125)
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෙබනනයේ පිපිරුමෙන් තුවාල වූ ලාංකිකයින් සංඛ්‍යාව 8 තෙක් ඉහළට
Rohana Thursday, 06 August 2020 12:52 PM
මෙවැනි විනාශයක් කරගත්තේ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන්... පුපුරන බව දැනදැනත් අනාරක්ෂිතව ගබඩාකලේ ඇයි?