
( තිළිණි ද සිල්වා )
දොම්පේ දිස්ත්‍රික් රෝහලට අනුබද්ධිතව අලුතින් පිහිටුවන ලද ඇඳන් 300 කින් සමන්විත කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍යව තිබූ තවත් වෛද්‍ය උපකරණ තොගයක් ලෙබනනය හා සිරියාවෙන් මෙරටට ලබාදුන් බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සීටි.
නෙබියුලයිසර්, අධෝරක්ත කිරණ ශරීර උෂ්ණත්වමාන, සනීපාරක්ෂක නැනෝ ස්ප්‍රේ උපකරණ, වානේ ගෘහ භාණ්ඩ, මෙට්ට සහ විකල්ප මදුරු දැල් ආදි වෛද්‍ය උපකරණ හා සනීපාරක්ෂක ආම්පන්න මෙම පරිත්‍යාගයට ඇතුලත්ය.
කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුවේ සභාපතිනි ශිරන්ති බියට්‍රිස් දිසානායක මහත්මිය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත කරන ලද ඉල්ලීම අනුව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය, දෙවන ලේකම් (කම්කරු) ටී. ලක්ෂ්මිධරන් මහතා සහ කාර්ය මණ්ඩලය, සිරියාවේ කොන්සල් වෛද්‍ය මොහොමඩ් මුසාලම් අල් ඩෲබි මහතා, රත්නදීප ජාත්‍යන්තර විගමණික මණ්ඩපයේ සභාපතිනි කුසුම් කොඩිකාර මහත්මිය සහ ව්‍යවසායිකාවක් වන මල්කාන්ති සිල්වා මහත්මිය යන අයගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබා දී ඇත.
මෙම පරිත්‍යාගය සිදුකිරීමේදී ඒ සඳහා වූ පහසුකම් විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) එච්.ඒ.එස්. ප්‍රනාන්දු මහතා විසින් සම්පාදනය කරන ලදි.
මීට පෙර, මෙම පරිත්‍යාගශීලීන් විසින් එම රෝහලට ඇඟිලි තුඩු ස්පන්දන ඔක්සිමීටර ද පරිත්‍යාග කලේය.





2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
732
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලෙබනනයෙන්-සිරියාවෙන් ශ්‍රී ලංකාවට තවත් වෛද්‍ය උපකරණ තොගයක්