රංජිත් රාජපක්ෂ
තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා (ස්වාධින) අද (12) එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්තේය.
එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ අතින් පාර්ලිමේන්තු සංකිර්ණයේ දී අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනු ලැබීය.
අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ ලිදුල කොට්ඨාස සංවිධායකවරයා වශයෙන් ඉදිරියේ දී කටයුතු කිරිමට නියමිතය.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් විශාල මෙහෙවරක් සිදු කල අශෝක සේපාල මහතාට ඉකුත් පළාත් පාලන මැතිවරණයේදි තලවකැලේ ලිඳුල නගර සභාවට තරග කිරිම සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා නොලැබිම නිසා අශෝක සේපාල මහතා ස්වාධිනව තරග කර එම නගර සභාවේ සභාපතිවරයා වශයෙන් තේරි පත්විය.
අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගන්නා අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා, නුවරඑලිය මහා නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා ඇතුළු තලවකැලේ ලිඳුල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් ද සහභාගී වී සිටියහ.

2025 දෙසැම්බර් මස 04
261
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
400
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලිඳුල සභාපති එජාපයේ සාමාජිකත්වය ගනී
sirimal Tuesday, 12 March 2019 12:29 PM
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලැබුනානම් ඔහොම වෙන්නේ නැහැනේ. මේක දේශපාලනමය ප්‍රතිපති ප්‍රශ්නයක් මත ගත් තීරණයක් වෙන්න බැහැ. මේවගේ කට්ටිය මතු යම් දවසක අනිත් පැත්තෙන් වෙන වාසියක් ලැබුනොත් ඒ පැත්තට මාරුවෙන්නත් ඉඩ තියෙනවා නේද?
චමින්දWednesday, 13 March 2019 01:07 AM
පසුගිය පලාත්සභා මැතිවරණය පැවති අවස්ථාවේ ඇඹිළිපිටිය ප්‍රාදේශීය සබාවේ සභාපතිටත් නාම යෝජනා දුන්නේ නැහැ ඔහුත් එක්සත් ජාතික පක්ෂයට ගියා ඉන් පසුව පැවති පාර්ලිමෙන්තු මැතිවරණයේදී ඔහු පාර්ලිමෙන්තු ගියා මොහුටත් එසේ වේවි ස්වභාව ධර්මය සුදුස්සා සුදුසුතැනට යවාවි
Bamunuarachchi Wednesday, 13 March 2019 01:30 AM
ෂාහ් මෙයා එයා එජාපෙට ගිය නිසා පොදුජන පෙරමුනට කියා නිම කල නොහැකි පාඩුවක්.
Bamunuarachchi Wednesday, 13 March 2019 01:31 AM
අඩුම ගන්නේ නායක තුමා මෙතුමාගේ මුහුණ දිහාවත් බලනවාද? ඔන්න පිළිගැනීම.
ගොන් වස්සා Wednesday, 13 March 2019 05:15 AM
ඔබ තුමාට දුකයි වගේ නේද ?