(මනෝප‍්‍රිය ගුණසේකර)
2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කල බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහි නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නේද? ඔවුන් වෙනුවෙන් සාක්කි කැඳවන්නේදැයි නියෝගය ලබන මස පළමුවැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද දැනුම් දුන්නේය.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා දැනුම් දීමෙන් අනතුරුව විත්ති වාචක කැඳවීම සම්බන්ධයෙන් තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම සඳහා විනිසුරුවරයා එලෙස දින නියම කළේය.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.
COMMENTS
අපොයි, එච්චරකල්? නිදොස් කොට නිදහස් උත්තරේ තමයි..
නිදොස් කොට නිදහස් කරයි... සර් එක්ක මොන තීන්දුද?
ස' නඩු ටික ගොඩදාගන්න වගේ මේ පාර ඇවිල්ලා තියෙන්නේ. ස' මොනතරම් වැඩ්ඩෙක්ද කියන්නේ පවුලේ ඔක්කොගේම නඩු ටික ගොඩදාලා යාලුවාව මරණ දඬුවමෙනුත් බේරලා ආණ්ඩුවේ හොඳම ජොබ් එකකුත් සෙට් කරලා දුන්නා. කවුද කියන්නේ ස' ෆේල් කියලා? ස' නේ හොඳටම කරලා තියෙන්නේ...
ඔච්චර තෙපර බාන්න දෙයක් නැහැ.මොන හිතකින් මුදල් ඇමති මල්ලිව හිරේ යවන්නද අයියෙක් වෙලා
අන්තිමට ලිත් ඉබේම ප්‍රින්ට් වෙලා, සල්ලිත් ඉබේම ගෙවලා, කවුරුත් නැතිව, මේවා මැෂින් නිසා සිදුවුණු දෝෂ බව කරුණාවෙන් සලකන්න...