IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංගම වෘත්තීය සමිති රතු එළි පෙන්වයි

(බිඟුන් මේනක ගමගේ) 

2019 අයවැයෙන් රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් 2500.00 අන්තර් දීමනා මුදල ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංගම සේවකයන්ට වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවනු ඇතැයි කියමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද (18) ලිපියක් යොමු කර ඇත. 

ශ්‍රී ලංගම සේවකයන්ගේ වැටුප් සංශෝධනය කරන බවට 2018.09.04 වන දින හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා හා හිටපු සභාපති රමාල් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු ප්‍රවාහන බලධාරීන් සිය සියලූම වෘත්තීය සමිතිවලට ලිඛිතව පොරොන්දු ලබාදී ඇතත් මේ වනතුරු එය ක්‍රියාවට නඟා නැතැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය චෝදනා කරයි.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පැවැති රජයේ බලධාරින්ගෙන් අවස්ථා හතරකදී ද වත්මන් මුදල් ඇමැතිවරයාගෙන් එක් අවස්ථාවක දී ද මෙම ඉල්ලීම් ලබා දීමට මැදිහත් වන ලෙස ලිඛිතව ඉල්ලීම් කළේ යැයි එහි සඳහන් වේ. 

මුදල් ඇමැතිවරයාගේ නියෝගයක් නොමැතිව මෙම දීමනාව අනුමත කළ නොහැකි බව කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරිය පැවැසූ බැවින් වැඩ වර්ජනයක් ආරම්භ කළේ යැයි ද  හිටපු සභාපති උපාලි මාරසිංහ මහතා විසින් මෙම ඉල්ලීම් කඩිනමින් ලබාදීමට පොරොන්දු වූ බැවින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය අතරමග නැවැත් වී යැයි ද එහි සඳහන් වේ. 

මෙම තත්ත්වය තවදුරටත් පවතින්නේ නම් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට ශ්‍රී ලංගම සේවකයින්ට සිදුවනු ඇතැයි ද ඊට පෙර අන්තර් දීමනා මුදල ලබා දී ශ්‍රී ලංගම නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය කිරීමටත් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් කරුණු සඳහන් වේ. 

 



අදහස් (3)

ලංගම වෘත්තීය සමිති රතු එළි පෙන්වයි

lalithm Tuesday, 18 February 2020 07:22 AM

ඡන්දෙ දිණුවට පස්සේ දේවි. ටිකක් ඉවසන්න.

:       0       0

mihira Tuesday, 18 February 2020 07:46 AM

අනේ හොඳයි දෙන්න එපා.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 18 February 2020 08:59 AM

තමන්ගෙ ආදායම් මාර්ගය ප්‍රයිවෙට් අයට ලැබෙන විදියට මගීන්ට බස් නතර නෙකරන, රේස් යන අයත් මේ ඉල්ලිම් ඉල්ලන බව මතක තබාගන්න, ලංගමයේ වැටුපින් කොටසක් බදු ගෙවන්නන් විසින් ගෙවන බව එසේ කරන අමනයන්ට වටහා දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 63 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site